2024 මුල් මාස තුන තුළ සංචාරක පැමිණීම් 500,000 සීමාව ඉක්මවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): මෙම වසරේ මුල් මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

කොවිඩ් වසංගතයෙන් පසු මාස දෙකහමාරක් තුළ මිලියන භාගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවත්,පසුගිය වසරේ ශ්‍රී ලංකාව එම කඩඉම පසු කළේ මැයි මස දෙවැනි සතියේදී බවත් පැවසේ.

මාර්තු මාසයේ පළමු දින 14 සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අමුත්තන් 91,205 ක් පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත පෙන්නුම් කරයී.

මෙය ජනවාරි 01 සිට මාර්තු 14 දක්වා සම්පූර්ණ සංචාරක පැමිණීම් 517,808 දක්වා ගෙන එයි.

මාර්තු මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 6,500 දක්වා ඉහළ ගොස් ඇති අතර, මාර්තු 16 වන දින පැමිණීමේ 100,000 සීමාව පසු කරන ලදී. සංචාරක පැමිණීමේ වේගය දිගටම පැවතුනහොත්, මේ වසරේ අඛණ්ඩව තුන්වන මාසය තුළත් සංචාරයන් 200,000 පැමිණීමේ සීමාව පසු කිරීමට හැකි වනු ඇත.

පෙබරවාරි මාසයට සාපේක්ෂව අඩු සංචාරකයින් සංඛ්‍යාවක් සමඟ ශ්‍රී ලංකාව මාසය අවසන් වීමට ඉඩ ඇති බව සතිපතා පැමිණීමේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.

ඒ පෙබරවාරි මාසයේදී සතිපතා පැමිණීමේ සාමාන්‍යය 55,000 ක් පමණ වූ අතර මාර්තු මාසයේදී එය 45,000 ක් පමණ වන බැවිණි.

මාර්තු සඳහා, පැමිණීම්වලින් සියයට 15 ක් (13,699) රුසියානු සංචාරකයන්වේ. සංචාරකයින් 13,492ක් ඉන්දියානුවන් වන අතර එය සියයට 15ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ සිටී.

වසරේ මුල් මාස දෙක තුළ සංචාරක අංශය විසින් US $ මිලියන 687.5 ක ආදායමක් උපයා ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 118.2 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...