බැසිල්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉල්ලීමක්. තෙල්, ගෑස් පෝලිම් ගැනත් අනාවරණයක් …

Date:

ඉන්දීය රජය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ලබාදුන්නේ කිසිදු විශේෂ කොන්දේසියක් පැනවීමෙන් තොරව බවත් එහි පොළී සහ වාරික ගෙවීමට ඇත්තේ වසර තුනකින් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“විශේෂයෙන්ම මෝදි අගමැතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම සහයෝගයක්ම ආර්ථික වශයෙනුත්, වෙනත් සමාජයීය වශයෙනුත්, ලෝක සංවිධානවලදීත් සෘජුවම අපට උදව් කරන බවයි. එහිදී විශේෂයෙන්ම මේ රටේ ආරම්භ කරපු කාබනික වගාව පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවත් අතිගරු ජනාධිපතිතුමා දක්වන උනන්දුව පිළිබඳව එතුමා විශේෂයෙන්ම කතා කරලා තිබුණා. ඒ වගේම ඔවුන්ටත් යම් හිඟයක් තියෙනවා කිව්වා නැනෝ පොහොර නිෂ්පාදනයේ, එහෙත් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ඒ අවශ්‍ය ප්‍රමාණය ලබාදීමට ඔවුන් එකඟ වුණා. මේ රටේ සමස්ත ජනතාවට අවශ්‍ය බෙහෙත් ලබාගැනීමට, ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ළඟ එන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඔවුන් අපට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් දුන්නා. ඊයේ ඉඳලාම එය ක්‍රියාත්මක වෙනවා. එය ඉතාම විනිවිදභාවයකින් වෙළඳ අමාත්‍යාංශය විසින් කඩිනමින් මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ ලබාදෙන ලෙස මම සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා”

ප්‍රශ්නය – ණය ලබාදුන්න කොන්දේසි මොනවාද ?

“මොකුත් කොන්දේසියක් නැහැ. සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ගන්නකොට තියෙන පොළී මුදල ගෙවීම සහ වාරික ගෙවීම ඒවා වසර තුනකට පස්සෙ තමයි ගෙවන්නෙ”

ප්‍රශ්නය – ඇමතිතුමා, මේ වෙද්දී ජනතාව විශාල අපහසුතාවකට පත්වෙලා ඉන්නවා තෙල්, ගෑස් පෝලිම් හින්දා. ඇයි මේක විසඳාගන්න බැරි තාම ?

“ඇත්තටම මේක කාලයක් තිස්සේ ඔඩු දුවමින් ගිහිල්ලා අවසානයේ අවසාන අදියරට තමයි අපි ආවෙ. යම් යම් අවස්ථාවලදී නිසි වෙලාවට, නිසි කලට ඇණවුම් කිරීමේ ප්‍රමාදයකුත් තිබිලා තියෙනවා. නමුත් ඒවා අපේ වර්තමාන අලුත් ඇමතිවරුත් අමාත්‍යතුමියත් ඉතාම උනන්දුවෙන් ඒවාට අදාළ අයත් ඉක්මනින්ම ඇණවුම් කිරීමේ කටයුතු කරනවා. ඉතින් ඒකට අවශ්‍ය සහයෝගය මුදල් අමාත්‍යවරයා හැටියට මම ලබාදෙනවා”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඉන්දීය සංචාරය නිමකර ආපසු පැමිණෙන අතර ඊයේ (18) කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...