කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)

Date:

කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ අර්බුදයෙන් ගොඩ එන්නට ඇති මගක් වන්නේ ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය මෙන්ම ඒ ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අකුරැස්ස බෝපිටිය විමලවංශ කනිෂ්ඨ විද්‍යාලයට ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ ඇතුලත් සුහුරු පන්ති කාමරයක් නිර්මාණය කිරීමේ සක්වල වැඩසටහනට ඊයේ (18) එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන මේ වන විට දිවයින පුරා අදියර මට්ටමින් ක්‍රියාත්මක වේ.

සක්වල වැඩසටහන ඉතාමත් වැදගත් කාලෝචිත රටට අගයක් එකතු කරන බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ඉවහල් වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව පැවසූ විපක්ෂ නායකවරයා මේ වෙනතෙක් ප්‍රජාත්‍රන්තවාදී විපක්ෂයක් රට සංවර්ධනය කිරීමේ වැඩසටහන් සිදුකළ ඉතිහාසයක් සොයාගත නොහැකි බව ද පෙන්වා දුන්නේය.

“අපි රටක් හැටියට ලොකු අමාරු තත්ත්වයකට වැටිලා ඉන්නේ. වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව, උද්දච්චකම, කුහකකම තුළ අද රට විනාශ මුඛය කරා යනවා. රටේ ඩොලර් සංචිතය පතුළටම බැහැලා. විෂම චක්‍රයක් නිර්මාණය වෙලා. බදු සහන දීපු නිසා බදු ආදායම අඩු වුණා. අපිට රටක් හැටියට බෑ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලට ගිහිල්ලා අඩු පොලියට ඩොලර් ණයක් ගන්න.

මේ තත්ත්වය තුළ තෙල් ටික ගෙන්න ගන්න ඩොලර් නැහැ. තෙල් නැති උනාම විදුලිය කැපෙනවා. විදුලිය කැපෙන කොට කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට අපනයන භාණ්ඩ නිපදවීම අපේ රටේ අවම වෙනවා. එතකොට අපනයන වෙළදපොලෙන් අපෙන් ඉල්ලපු නිෂ්පාදන භාණ්ඩ කලට වේලාවට අපට සපයන්න බැරි කොට අපනයන වෙළෙඳ පොළවල් අපිට අහිමි වෙනවා.

අපනයන අඩු වෙනකොට ඩොලර් නැති වෙනවා. මෙන්න විෂම චක්‍රය. මේ විෂම චක්‍රය අද රටේ විෂ චක්‍රය බවට පත්වෙලා. මේකට විසඳුමක් තියෙනවා. කැපකිරීම පටන් ගන්න ඕනේ පාලකයාගෙන්. ආදර්ශමත් පරමාදර්ශී චරිත වෙන්නට ඕන” යනුවෙන් ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...