ලරිජානිගේ ඝාතනයෙන් පසු ඉරාන උත්තරීතර නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති” යනුවෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමෙනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමට පෙරය.

ලරිජානිගේ අභාවය පිළිබඳ පුවත තමන් “දැඩි කනගාටුවෙන්” යුතුව පිළිගත් බවත් ඔහු ඉරාන දේශපාලන තන්ත්‍රය තුළ සිටි “බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට” චරිතයක් ලෙස උත්තරීතර නායකයා හඳුන්වා දී තිබේ.

මෙවැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බවද ඉරාන උත්තරීතර නායකයා කියා ඇත.

ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු තවදුරටත් අවධාරණය කරයි.