ශ්‍රී ලංකාවට එරෙහි තෙවන ද්විත්ව ශතක යුගලය නවසීලන්තයෙන්

Date:

එකම ටෙස්ට් ඉණිමකදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වූ තෙවන ද්විත්ව ශතක යුගලය වාර්තා කරන්නට සමත් වූ හිටපු නවසීලන්ත නායක කේන් විලියම්සන් (215) සහ හෙන්රි නිකොලස් (නොදැවී 200) සමඟ නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේදී නවසීලන්ත පළමු ඉණිම කඩුලු 4 ට ලකුණු 584 ක් දක්වා රැඟෙන යන්නට හැකි වුණා. මීට පෙර මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එකම ඉණමේදී ද්විත්ව ශතක වාර්තා කිරීමේ ගෞරවය පකිස්තානු පිතිකරුවන් විසින් දෙවරක්ම සිඳු කර තිබෙනවා.ඉන් පළමු අවස්ථාවේදී කාසිම් උමාර් (206) සහ ජාවෙඩ් මියැන්ඩෑඩ් (නොදැවී 203) වාර්තා කර තිබුණ අතර එය වාර්තා වී ඇත්තේ 1985 දී ෆයිසාල්බාද් හි දී වන අතර ඒ අවස්ථාවේදි පකිස්තානු ඉණිම කඩුලු 3 ට 555 ක් සේ සටහන්ව තිබෙනවා.පකිස්තානය මේ ඉණිම දියත් කරන්නේ ශ්‍රී ලංකාව ලබා ගත් 479 කඉණිමට පිළිතුරු වශයෙන් වන අතර ජය පරාජයෙන් තොරව නිමා වූ මේ තරගයේ දී තරගයේ වීරයා වී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 122 ක් ලැබූ අරවින්ද සිල්වා යි.


ශ්‍රී ලංකාවට එරෙහිව එකම ඉණිමේදී ද්විත්ව ශතක වාර්තා කළ දෙවන අවස්ථාව 1999 දී වාර්තා වී ඇත්තේ ඉජාස් අහමඩ් (211) සහ ඉන්සමාම් උල් හක් (200) වෙතින්.ආසියානු ටෙස්ට් තරගාවලියේ අවසාන තරගයේදී මෙම ද්විත්ව ශතක දෙක නිසා පකිස්තානය ශ්‍රී ලංකාව එම තරගයේ පළමු ඉනිමට රැස් කළ ලකුණු 231 ට පිළිතුරු ලෙස ලකුණු 594 ක් ලබා ගැනීමට සමත් වුණා.එසේම ශ්‍රී ලංකාව දෙවන ඉණිමේ යළිත් ලකුණු 188 ට සීමා කරමින්  පකිස්තානය මේ තරගයේ ජයග්‍රහණය අත් කරගමින් ආසියානු කුසලානය දිනා ගන්නටත් සමත් වුණා.විශේෂත්වය වන්නේ පකිස්තානය පළමු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව මේ දස්කම සිඳු කරද්දි තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා මේ තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සහ මේ තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලැබ වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු  72 ක් වාර්තා කිරීම කැපී පෙණුනා.

නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...