සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 20, කොළඹ (LNW): ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අමිහිරි මතක බොහෝ ප්‍රමාණයක් ජාත්‍යන්තර ක්‍රිකට් වෙත එකතු කරන තරගාවලියක් වී ඇත. ලෝක මට්ටමේ කණ්ඩායමක නියෝජිතයන් වන ක්‍රීඩකයින්ගේ අයහපත් හැසිරීම් ඔවුන්ට පමණක් හෝ ඔවුන් නියෝජනය කරන කණ්ඩායමට පමණක් හෝ අදාළ නැති සමස්ථ ක්‍රිකට් ක්‍රිඩාවේම පරිහානියට බලපාන,මුළු ලෝකයම සජීවීව දකින දේවල් ය.
බංගලාදේශ විනිසුරුවන් ද මෙයට හවුල්වෙමින් ක්‍රීඩාවේ මහත්මා ගුණය තව දුරටත පහත හෙළීමට කටයුතු කළ අතර එහි අලුත්ම සිදු වීම වන්නේ වනිඳු හසරංග නැවත ටෙස්ට් පිටියට පැමිණෙන බව ප්‍රකාශ කරද්දීම ඔහුට එම ටෙස්ට් තරග දෙකට තහනමක් වැටීමය.ඒ විනිසුරුවන් ඉදිරියේ වැරදි ආකාරයට හැසිරීම නිසා ය.
මෙම සංචාරය නිමාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට්, කණ්ඩායමේ ක්‍රීඩකයින් කතා කර සිය විනය කමිටුව සමඟ සාකච්ඡාවක් පැවත්විය යුතු තත්ත්වයට කණ්ඩායමේ විනය යම් ආකාරයකින් අර්බූදයකට ලක්ව ඇත.ඇන්ජලෝ මැතිවිස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පවා විස්සයි විස්ස තරග අවසානයේ හැසිරුණේ සකීබ් අල් හසන් ඇන්ජලෝ දවා ගැනීමට භාවිතා කළ නීතිය හෑල්ලුවට ලක් කරමින්ය.නීත්‍යාණුකූලව එම දැවී යාම නිවැරදි වුව ද,එය සදාචාරසම්පන්න නැති බව ඇත්තය.එහෙත් එම සිඳුවීම ඔසවාගෙන යාමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාව ද අශිෂ්ට කණ්ඩායමක් ලෙස වර්ගීකරණයට ලක් වීමය.එය ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සියලු ජනතාවගේ ක්‍රිකට් නියෝජනය වන පිරිසක් අතින් සිඳු නොවිය යතු දෙයක්ය.
එම නිසාම මැතිව්ස්ගේ සිඳුවීම එක්දින කුසලානය අතට ගත් පසු බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ද සිඳු කර පෙන්වීය.එයට නායක සන්ටෝ එතරම් කැමත්තක් නොදැක්වීය.එසේ වීම වැදගත්ය.නායකත්වයේ ලක්ෂණයක්ය.කෙසේ නමුත් ඇන්ජලෝ සහ මුෂ්ෆිකර් වැනි ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයන් හැටියට ක්‍රිකට් ලෝකයට දෙන ආදර්ශය නරක එකකි.
සමහර විට ගැටුම් ඇති වීම හරහා කණ්ඩායමේ මානසික ශක්තිය,එකමුතුභාවය වැඩි වීම වැනි කරුණු ද ඇති වන්නට හැකිය.ඒ නිසාම සමහර සිඳුවීම් පිටිය මැද ඇති කරන්නේ මානසික උත්තේජනයක් ඇති කිරීමේ අභිප්‍රායෙන් ද විය හැකිය.උදාහරණයකට අර්ජුන මුරලිදර්නගේ සිඳුවීමේ දී සීමාව ඉක්මවා විනිසුරුවාට බලපෑම් එල්ල කළේය.එය ක්‍රීඩකයාගේ සීමාන නොවන බව අපි එකළ ද කීවෙමු.එහෙත් අදටත් එය වනිඳුට බනින අතරේම නිවැරදි වීර ක්‍රියාවක් ලෙස බොහෝ දෙනෙක් පවසති.විනිසුරුවරුන්ට බලපෑම් කිරීම වැරදිනම් එය කුමන තත්ත්වයකදී සිඳු වුව ද වැරදි බව අප පිළිගත යුතුය.
ඒ සිඳුවීම අදටත් බොහෝ දෙනා සළකන්නේ අර්ජුන මුරලි බේරා ගැනීමක් හැටියට ය.ඒ අපේ බොහෝ මාධ්‍ය දිගටම ඒ සිඳුවීම මත එල්ලී සිටියේ අර්ජුනගේ වීරත්වය ගැන කතා කරන්නට වීම නිසාය.එම හැසිරීමට අර්ජුනට තරග තහනමක් පැනවිණි.මුරලි බේරා ගැනීමේ සටන සහ කණ්ඩායම වෙත අයිසිසි යෙන් බලපෑමක් ඇති වීම වැළක්වීමේ කාර්යය සිඳු කළේ එවකට සිටිය ක්‍රිකට් පරිපාලනය ය.මුරලි ගේ අතේ විද්‍යාත්මක පිහිටීම සමඟ යථා තත්ත්වය ඔප්පු කරන්නට ඔහුගේ ඉරියව් වීඩියෝ කරමින් මහන්සි වූ ප්‍රධාන පුද්ගලයා වූයේ ඩේව් වට්මෝර් ය.ඇත්තටම මුරලිට විරුද්ධව පැමිණි බලවේගවලට අර්ජුන පැන පහර දී බේරා ගැනීම දක්වා අපි ත්‍රාසජනක වානිජ චිත්‍රපටයක් වීරයා කර අර්ජුනව තෝරා ගත්තත් අර්ජුන,කණ්ඩායම සහ මුරලිව බේරා ගැනීමේ විශාල වගකීමක් ඉටු කළේ එවකට පැවති ක්‍රිකට් පරිපාලනය ය.
මෙවර ද වනිඳු වෙනුවෙන් ද ක්‍රිකට් පරිපාලනය එවැනි මැදිහත්වීමක් කරමින් ලෝක විස්සයි විස්ස තරගාවලියේ දී වනිඳුගේ සේවය අහිමිවීමට ඇති ඉඩ වසා දමා ඇත.විශ්‍රාම ගොස් සිටි වනිඳු නැවත ටෙස්ට් තරගවලට කැඳවා වඩාත් කණ්ඩායමට වනිඳු වැදගත් වන විස්සයි විස්ස තරග සඳහා වනිඳුව ඉතුරු කර ගෙන ඇත.එහෙත් පරිපාලනය තමන්ව බේරා ගන්නේ තවත් වැරදි කරන්නට දෙන අනුබලයක් ලෙස වනිඳු නොගත යුතුය.ශ්‍රී ලංකා ක්‍රිකට් ද ලෝක සූරතාවය සඳහා තරග වඳින්නට පළමුව මේ කාරණා ගැන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමම කැඳවා ලෝකයට නොකියන විනය නීති මාලාවක් කණ්ඩායම අභ්‍යන්තරයේ හඳුන්වා දිය යුතුව ඇත.
ක්‍රීඩකයෝ ප්‍රවේගකාරී වෙති.ආවේගය ද එසේ ඇති වන්නක්ය.සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රවේගය ආවේග බවට පෙරළි ප්‍රකෝපකාරී තත්ත්වයකට පත් විය හැකිය.එවැනි මිනිසුන් එවැනි තැනකට නොවැටී රඳවා තබා ගැනීමේ පාලක බොත්තම වන්නේ ක්‍රීඩාවය.

