පරාටේ නීතිය සංශෝධනයට අදාළ ගැසට්ටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පමා කරන්නේ ඇයි ? – සජිත්

0
410

පරාටේ නීතිය සංශෝධනයට 2024 පෙබරවාරි 26 රජය තීන්දුවක් ගත් බවත් ඊට අදාළ ගැසට් පත්‍රය මාර්තු 13 නිකුත් කළ නමුත් මේ වන තෙක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පමා කිරීම නිසා අද (20) දින පුවත්පත්වල පවා පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

මෙම තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බව පැවසූ ඒ මහතා පරාටේ නීතිය ගැන කැබිනට් තීන්දුවක් ගෙන ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්නම් එය හදීසි කාරණාවක් ලෙස ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙසත් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

RN