ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පුටින්ට සුබ පතයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර රටවලින් එල්ල වන චෝදනා මැද රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පස්වැනි වරටත් තේරී පත් වූ ව්ලිදිමිර් පුටින්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, රුසියාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවත් අගමැති මෝදි සිය සුබපැතුම් පණිවුඩයෙන් පුටින්ට ප්‍රකාශ කර ඇති බවයි.

රුසියාවේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ව්ලැදිමිර් පුටින් 87.17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක නිකොලායි කරිටොනොව් 4.1%ක ඡන්ද ප්‍රතිශතයක් ද, නව ජනතා පක්ෂයේ අපේක්ෂක වැලිදිස්ලෝව් ඩවන්කොව් 4.8%ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ඇති අතර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ලියොනිඩ් ස්ලට්ස්කි ලැබූ ඡන්ද ප්‍රතිශතය 3.15% ක් බව එරට මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...