ලංකාවේ බේස්බෝල් හපන්නුන්ට ජපන්නුන්ගෙන් ඇරයුම්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 20, කොළඹ (LNW):ජපානයේ Kyushu League තරඟාවලියේ Neo Asia Professional Baseball කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා සමීර රත්නායක,රොෂාන් ලක්මාල්, අසංක ලක්මාල් සහ සශික දුල්ෂාන් එක් කර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව එම ක්‍රීඩකයින් සිව් දෙනා විදේශ ප්‍රෝ ලීගයකට තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයින් ලෙස ඉතිහාසගත වේ.


ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හුරුපුරුදු පුහුණුකරු Kazuto Nonaka, Neo Asia Professional Baseball හී සභාපතිත්වය දරනු ලබයි.ඔහුගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ නව සළකුණක් තබන මෙම ක්‍රීඩකයින් සිව්දෙනා මෙන්ම Neo Asia Professional Baseball කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස දමිත් මල්ලවාරච්චි එකතුවීමත් ප්‍රෝ ලීගයකට ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට ලැබුණු පළමු අවස්ථාව ලෙස සැළකිය හැකිය.


මේ සමඟ වන වීඩියෝවේ ජපානයේ දී උණුසුම් ලෙස ක්‍රීඩකයින් සිව්දෙනා සහ සහ පුහුණුකරු පිළිගන්නා අයුරු දක්වා ඇත.ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙක් මෙන්ම මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් දොරටු විවර කර දුන් කෂුටෝ නොනාකා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...