*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලංකාවේ බේස්බෝල් හපන්නුන්ට ජපන්නුන්ගෙන් ඇරයුම්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 20, කොළඹ (LNW):ජපානයේ Kyushu League තරඟාවලියේ Neo Asia Professional Baseball කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා සමීර රත්නායක,රොෂාන් ලක්මාල්, අසංක ලක්මාල් සහ සශික දුල්ෂාන් එක් කර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව එම ක්‍රීඩකයින් සිව් දෙනා විදේශ ප්‍රෝ ලීගයකට තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයින් ලෙස ඉතිහාසගත වේ.


ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හුරුපුරුදු පුහුණුකරු Kazuto Nonaka, Neo Asia Professional Baseball හී සභාපතිත්වය දරනු ලබයි.ඔහුගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ නව සළකුණක් තබන මෙම ක්‍රීඩකයින් සිව්දෙනා මෙන්ම Neo Asia Professional Baseball කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස දමිත් මල්ලවාරච්චි එකතුවීමත් ප්‍රෝ ලීගයකට ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට ලැබුණු පළමු අවස්ථාව ලෙස සැළකිය හැකිය.


මේ සමඟ වන වීඩියෝවේ ජපානයේ දී උණුසුම් ලෙස ක්‍රීඩකයින් සිව්දෙනා සහ සහ පුහුණුකරු පිළිගන්නා අයුරු දක්වා ඇත.ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙක් මෙන්ම මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් දොරටු විවර කර දුන් කෂුටෝ නොනාකා ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan