*
Thursday, March 20, 2025
spot_img

Latest Posts

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අද (මාර්තු 20) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම ඊයේ (19) මධ්‍යහ්න 12.00න් අවසන් වූ අතර එහි නාමයෝජනා භාරගැනීම අද (20) මධ්‍යහ්න 12.00න් අවසන් කිරීමට නියමිත ය.

ඉන් අනතුරුව නාමයෝජනා සඳහා විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට පැය එක හමාරක කාලයක් ලබාදී ඇත.

එම කටයුතු අවසන් වීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව රැස්ව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සහ දළදා ප්‍රදර්ශනයක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිසා බොහෝවිට පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් දින කිහිපය තුළ පැවැත්වීමට ඉඩ ඇති බවත් සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan