විවෘත ආර්ථිකය හරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ ඇයි ?

Date:

විවෘත ආර්ථික වැඩපිළිවෙළ ආරම්භ වී කෙටි කාලයක් තුල ඇතිවූ ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල හරහා රට තුල නිර්මාණය වූ සිවිල් යුද්ධය උක්ත විවෘත ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථක වීමට ඉඳුරාම බලපෑවේය..

මෙහිදී විවෘත ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රධාන භූමිකාව හිමිව තිබූ විදේශ ආයෝජකයන් හතර අතට ගිනිගන්නා රටකට සිය ආයෝජන රැගෙන එන්නේ නැත.. විශේෂයෙන්ම කැරැල්ල හටගන්නේම ඉන්දු ලංකා ගිවිසුමට සහ විවෘත ආර්ථිකයට එරෙහි සටනක් ලෙසය..

මෙහිදී ජ.වි.පෙ. විසින් විවෘත ආර්ථික වැඩපිළිවෙළ අර්තකතනය කරගෙන තිබුනේ රට ගිලගන්නා අධිරාජ්‍යවාදී ක්‍රියාන්විතයක් ලෙසය.. විවෘත ආර්ථිකයේ නියමුවා වූ ජේ. ආර්. ජයවර්ධනව “ද්‍රෝහියා” ලෙස ජ.වි.පෙ. හංවඩුවට හසු උනේ මේ සන්දර්භය තුලය..

කැරැල්ල සම්පූර්ණයෙන්ම පරාජය වූ පසුව නැවත 94 විවෘත දේශපාලනයට පිවිසුන ජ.වි.පෙ. යේ ප්‍රධාන සටන් පාඨය වූයේද “ශාපකාරී විවෘත ආර්ථිකය අහෝසි කරනු !” යන්නයි..

එතැන්සිට බලය ගන්නා මොහොතට ලඟාවෙන තෙක්ම ඔවුන්ගේ දේශපාලන දර්ශනය වූයේ විදේශ ආයෝජන වලට එරෙහි දූපත්වාදී දෘෂ්ටිවාදයයි..

එතකොට විවෘත ආර්ථිකය හරියට ක්‍රියාවට නැගුනේ නැත්තෙ ඇයි?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...