ගම්වල කසිප්පු වැඩිවෙලා, මිනිස්සු අසනීප වෙනවා. කරුණාකර මත්පැන් මිල අඩුකරන්න – රෝහිත

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්පැන් මිල නැවත වතාවක් ඉහළ දැමූ බවත් අඩුමිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවත් එය ද මේ වනතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“දැන් ඔබතුමාලාගෙ ආණ්ඩුව ආවා, මත්පැන් මිල ඉහළට ගියා. වසන්ත සමරසිංහ ඇමතිතුමා බොන්නෙ නෑ මම දන්න විදියට, නමුත් මේකෙ ඉන්න සමහර අය අඩියක් ගහනවා. මාත් ගහනවා. මේ මිල අඩුකරන්න උත්සාහ කරන්න. මම කියන්නෙ අහිංසක මිනිස්සු වෙනුවෙන්. මේ රටේ මිනිස්සුන්ව එහෙම නවත්වන්න බෑ. ඉඳලා හිටලා හවසට මහන්සි වුණාම පොඩි අඩියක් ගහනවා, මඟුල් ගෙදර ගියාම පොඩි අඩියක් ගහනවා, එහෙම මිනිස්සුනෙ ඉන්නෙ. නවත්වන්න එපා, ඒක නවත්වන්න ගිහිල්ලා එක ඡන්දයක් හම්බවෙන්නෙ නෑ. හොයලා බලන්නකො සීයකින් කීදෙනෙක් බොනවද නැද්ද කියලා. මම කියන්නෙ හොම්බෙන් යන බේබද්දො ගැන නෙවෙයි. මම මේ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන. මම දැක්කා කලින් තිබුණා අඩුමිලට බෝතලයක් කියලා. අද පත්තරේ තියෙනවා සුරාබදු අඩුමිල බෝතලය ලත් තැනම ලොප් වෙයි කියලා. තාම නෑ, දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා. හුඟක් අය ගල් නෙ ගහන්නෙ. ඉතින් ගල් බෝතලය සමානව මොකක්හරි ඉල්ලනවා, නැත්නම් කසිප්පු ගහන්නෙ. ගම්වල කසිප්පු වැඩිවෙලා. කසිප්පු ගැහුවාම මොකද වෙන්නෙ, ඊළඟට ගිහිල්ලා ඉස්පිරිතාලවල. මම කියන්නෙ මිනිස්සු බොන එක නවත්වන්න බැරි නම්, අපි බාර්වලින් නම් ආදායම ගන්නෙ රටේ අනිත් මිනිස්සුන්ගෙ දේවල්වලට, කරුණාකරලා මේ දේවල් ගැන හොයන්න”

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 19) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...