ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඉරානයේ දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය පහර දීමෙන් පසු කලාපීය බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලදී ටෙහෙරානය තම ගිනිබලයෙන් “අර්ධ කොටසක්” පමණක් භාවිතා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඉරානයේ බලශක්ති පහසුකම් නැවත ඉලක්ක කළහොත් ඔවුන්ගේ “ශුන්‍ය සංයමයක්” දැකගත හැකි වනු ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඒ අනුව ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත සිදුවන හානිය මෙන් සිය දහස් ගුණයක හානියක් කලාපයේ සෙසු බලශක්ති කේන්ද්‍රස්ථාන වෙත සිදුකරන බවට ඔහු පූර්ව දැනුවත් කිරීම සිදුකර ඇත.
ඉරානය විසින් කටාර් හි රාස් ලෆාන් ගෑස් ක්ෂේත්‍රයට එල්ල කළ ප්‍රහාරයෙන්ම එය පැහැදිලි වී තිබේ.
ඉරානයේ එම ප්‍රහාරය කටාර්හි ද්‍රව ස්වාභාවික ගෑස් අපනයන ධාරිතාව ඇස්තමේන්තුගත සියයට 17 කින් අඩු කරනු ඇති අතර එමඟින් යුරෝපයට, ආසියාවට සහ ඉන් ඔබ්බට සැපයුම් කඩාකප්පල් විය හැකි බවට ද පුරෝකථනය කර ඇත.
පැරිසියේ ගෝලීය බලශක්ති ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ඈන්-සොෆී කෝර්බියු මාධ්‍ය වෙත පවසා ඇත්තේ කටාර්හි ලොව විශාලතම ද්‍රව ස්වාභාවික වායු (LNG) අපනයන කම්හල වන රාස් ලෆාන්, මෙම සතියේ ඉරානය විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු දිගු අලුත්වැඩියා කාල සීමාවකට මුහුණ දී සිටින බවයි.
“හානියේ බලපෑම අපි තවමත් නොදනිමු,” කෝර්බියු පවසා තිබේ.
සිදුව ඇති හානිය විසින් වසර පහක පසුබෑමක් ඇති කළ හැකි අතර එමඟින් ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.


