හපුහින්නට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය, වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පැවසුවේ තමා රාජ්‍ය පරිපාලනය ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට නොදන්නා නමුත් අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර ඇති බවය.

කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාරදීමට නියමිත බව තොරතුරු ලැබී ඇත. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක්වූ අතර එහිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස ඔහුට මැතිවරණ කොමිසමෙන් සමාව ගැනීමට පවා සිදු විය. එහිදි එම ලිපිය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බව ලේකම්වරයා පවසා සිටයේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...