පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කරන්න කලිං ඊට අවශ්‍ය වටපිටාව සූදානම් කරන්න තිබුණා – ජානක වක්කුඹුර

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර ගත යුතුව තිබූ බවයි.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිසිලෙස ලබාගැනීමට හැකියාව ඇත්දැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සොයා බැලීමට මැතිවරණ කොමිසම පියවර ගතයුතුව තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වුවමනාවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට කටයුතු නොකරන බව ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක