Saturday, June 3, 2023
spot_img

Latest Posts

මහින්දට විරුද්ධව විපක්ෂයෙන් ‎ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්! (VIDEO)

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් දින හතක් ඇතුළත මැතිවරණයට අදාළ මුදල් මැතිවරණ කොමිසමට නොදුන්නොත් විපක්ෂයම සාමුහිකව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.

ඒ, අද (20) නිදහස් ජනතා සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂය ලෙස විවිධ මත දැරුවද මෙම කාරණය සම්බන්ධයෙන් එක් ස්ථාවරයකට පැමිණ සිටින බවයි ඔහු කියාසිටියේ.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.