Update: විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 03 නිදහස් කිරීමට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකාවට ලැබීමට යෝජිත විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 03 ක මුදලක් මාස 48 ක කාලයකට යටත්ව නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (20) දින අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙමඟින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ණය තිරසාරභාවය, දුගී සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සිදුවිය හැකි ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ තීරණයට අනුව, ඩොලර් මිලියන 333 ක පමණ මුදලක් වහා නිදහස් කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර, මෙමඟින් අනෙක්තු සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍ය ආධාර ලැබීම ද උනන්දු කරවනු ඇති බවට සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සහ පාලන රාමුව පිළිබඳව තක්සේරුවක් සිදු කරමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනිශ්චය මෙහෙයුම් හරහා වඩාත් පරිපූර්ණ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවලින් යුතු න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීම වැදගත් බවත්, සංවර්ධන හවුල්කරුවන්ගේ තාක්ෂණික සහාය ද ඇතිව බලධාරීන් විසින් රටේ වර්ධනය වැඩිදියුණු කරන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...