කථානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද. අදත් පිල් මාරුවක් ?

Date:

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා (19) සහ ඊයේ දිනවල පැවැත්වුණු අතර අදත් පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

මෙම ඡන්ද විමසීම සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇති අතර විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන්ට ද ආපසු පැමිණ මෙම ඡන්ද විමසීමට සහභාගී වන ලෙස දින කිහිපයකට පෙරදීම දැනුම් දී තිබුණු බව සඳහන්.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට ඡන්ද ලබාගැනීම සඳහා විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් ද විවිධ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිහිපයක්ම සිදුව ඇතැයි වාර්තා වන අතර පිල් මාරුවක සූදානමක් ද පවතින බවට කටකතා පැතිර ගොස් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...