නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් විනාශ කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ සිය භාරයට ගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් විනාශ කර තිබෙන බව වාර්තා වේ,

මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය.

නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරුණු අතර, බස්නාහිර පළාත සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව සිදුකළ මෙම නඩු පැවරීම් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, කොළොන්නාව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කුරුණෑග, මහෙස්ත්‍රාත් අධිකරණය යන මහෙස්ත්‍රාත් අධිකරණවලදී විභාග කර ඇති බව සඳහන් වේ.

මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, පරිසර සංරක්ෂණය උදෙසා පනවා ඇති නීති රෙගුලාසි නිසි ලෙස පිළිපදිමින් පරිසරය සුරැකීම සියලුදෙනාගේ වගකීමක් කොට සළකා පරිසර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...