මගේ වගකීම මම හරියටම කරනවා – කෝප් කමිටු සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කෝණයෙන් බලා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වුවත් එහි සභාපති වශයෙන් ස්වාධීනව තමාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරගෙන යන බව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍යට කියා සිටී.

තව දුරටත් පැවසූවේ, කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වීම මහජන නියෝජිතයෙකු වශයෙන් සිය වගකීම පැහැරහැරීමක් වනු ඇති බවයි.

දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීරුවරුන් කිහිප දෙනෙකු මෙලෙස ඉවත් වී ඇති බවත් සාමාජිකත්වයෙන් යම් මන්ත්‍රීවරයෙකු ඉවත්වූයේ නම් ඒ වෙනුවට මන්ත්‍රීවරයෙකු නම් කළ යුතු බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් කියා සිටි ඒ මහතා . තමා දේශපාලන වේදිකාවේදී නියෝජනය කරන පක්ෂයට අනුව කටයුතු කළත් කෝප් කමිටු සභාපති වශයෙන් පක්ෂ, පාට, භේද නොබලා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් සිය කාර්යභාරය ඉටුකරන බවත් පවසයි.

කෝප් කමිටු සභාපති වශයෙන් තමාගෙන් සිදුවන කාර්යභාරය ජනතාව විනිශ්චය කරනු ඇති බවත් ප්‍රාදේශීය සභාව, පළාත් සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු, කැබිනට් ඇමැතිවරයෙකු වශයෙන් දීර්ඝ පළපුරුද්දක් තිබෙන බවත් වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම කරුණ සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටු සභාපති ධූරයට පත්වීමට විරෝධය පළ කරමින් පෙරේදා (මාර්තු 19) කෝප් කමිටුව රැස්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි සාමාජිකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...