කෙහෙළිය අද පාර්ලිමේතුවට?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස කතානායකවරයා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැමැත්ත අනුව ඔහු, කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතාට එරෙහි  විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ර්‍ර් මහතා රක්ෂිත  බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු  කටයුතු සූදානම් කර තිබුණු අතර, එම අවස්ථාවේදී තමා අසනීප තත්වයෙන් පසුවන බැවින්  පාර්ලිමේන්තු රැස්වීම්වලට  සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...