කෙහෙළිය අද පාර්ලිමේතුවට?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස කතානායකවරයා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැමැත්ත අනුව ඔහු, කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතාට එරෙහි  විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ර්‍ර් මහතා රක්ෂිත  බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු  කටයුතු සූදානම් කර තිබුණු අතර, එම අවස්ථාවේදී තමා අසනීප තත්වයෙන් පසුවන බැවින්  පාර්ලිමේන්තු රැස්වීම්වලට  සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...