චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක්!

Date:

කොළඹ LNW: වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) Changsha නගරයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දී ඇත.

වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවයකින් වැඩි තරගකාරීත්වයක් සහිත විවෘත ගොඩබිම් ප්‍රදේශයක් ලෙස මධ්‍යම ප්‍රදේශය ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බවයි සඳහන් වී ඇත්තේ. එමෙන්ම ආහාර, බලශක්ති හා සම්පත් සුරක්ෂිතතාව සහතික කිරීමේ හැකියාව ඉහළ නංවාලීමට ප්‍රයත්න දැරිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...