*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මහනුවර තැන රැක ගනියි

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලියේ ප්‍රථම වටය නිමාවේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් පළමු තැන සහතික කර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි වුණා.ඒ අපරාජිතයන් සේ තමන් සමඟ කරට කර සිටි කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයට මහනුවර නිත්තවෙලදී ලකුණු 22 – 15 ක පරාජයක් අත් කර දෙමින්.

මේ තරඟයේ මුල් භාගය ගෙවුණේ අපරාජිතයන් එකිනෙකා කියවා ගැනීමට දැරූ උත්සාහය මත බැවින් වැඩි ආක්‍රමණික ස්වභායක් දක්නට ලැබුණේ නැහැ.නමුත් තරගය ඇරඹි විනාඩි හතරක් ගතවෙන තැන දඩුවම් පහරකින් සංදේශ් ජයවික්‍රම හැවිලොක්ස් කණ්ඩායමට ලකුණු ලබා දුන්නා.එතැන් සිට හැව්ලොක්ස් කණ්ඩායමට වාසිදායක වූ ලකුණු පූවරුව සසලවීමක් නොමැතිව 26 වන විනාඩිය දක්වා ගමන් කළා.එතැනදී මහනුවර කණ්ඩායමේ බුද්ධිම පියරත්න මහනුවර කණ්ඩායම ඉදිරියට කැඳවමින් උත්සාහක දිණුමක් සටහන් කරන්නට සමත් වුණා.පළමු භාගය හමාර වන තෙක්ම ඉන් පසු ලකුණු පූවරුවේ වෙනසක් සිඳු නොවුණු අතර ලකුණු පූවරුව මහනුවරට වාසිදායක අයුරෙන් 5 – 3 ක් ලෙස සටහන් වුණා.

තරගයේ දෙවන භාගයේ දී පනස් වන විනාඩියේදී හේෂාන් කල්හාරත්,57 වන විනාඩියේදී රොෂාන් වීරරත්නත් මහනුවර කණ්ඩායම ලබා දුන් උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්තන සාර්ථක කර ගත් තරින්ද රත්වත්ත මහනුවරට වාසිදායක වන අයුරින් ලකුණු පූවරුවේ තත්ත්වය 19 – 3 ක් බවට පත් කරා.පීඩනයට එරෙහිව ප්‍රතී පීඩනය මතු කරමින් හැවිලොක් ක්‍රීඩකයින් මහනුවර ආරක්ෂක වළල්ලට දැඩි බලපෑම් ඇති කරමින් තරගයට ප්‍රවේශවීමේ පළමු ප්‍රතිපලය 63 වන විනාඩියේදී වාර්තා වන්නේ ලසිඳු කරුණාතිලක වෙතින්.ඔහු ලබා ගත් උත්සාහක දිණුම හේතුවෙන් ලකුණු පූවරුව 19 – 8 බවට පත් වෙනවා.

තවත් විනාඩි 10 ක් ගතවෙන තැන මහනුවර කණ්ඩායමට හිමි වන දඩුවම් පහර නිසි ඉලක්කයේ රඳවන්නට තරින්ද රත්වත්ත සමත් වීමත් සමඟ මහනුවර ලකුණු ප්‍රමාණය 22 දක්වා ඉහළට එසැවෙනවා.නමුත් යළිත් මහනුවරට අභියෝගයක් වෙමින් 77 වන විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් රමේෂ් ප්‍රනාන්දු රැස් කරන උත්සාහක දිණුම ප්‍රවර්ථනය කරන්නට සංදේශ් ජයවික්‍රම සමත්වීමත් සමඟ හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 15 දක්වා ඉහළට එසැවෙනවා.අනතුරුව එළැමි කාලය මහනුවර කණ්ඩායම ඒ වන විට තරගයේ අත් කරගෙන සිටි වාසිදායක තත්ත්වය රැක ගැනීමේ උවමනාවෙන් ක්‍රීඩා කරන අතර එම උත්සාහය සාර්ථක කර ගනිමින් තරඟ නිමාව සංඥා වෙද්දී, 2022 නිපොන් පේන්ට් ජාතික රග්බී ලිග් තරගාවලියේ පළමු වටයේ එකම අපරාජිත කණ්ඩායම වීමේ ගෞරවය ඔවුන් සතු කර ගන්නවා.

ඒ අනුව මෙවර ලීග් තරඟාවලියේ පළමු වටයේ පළමු තැන මහනුවරටත්,දෙවන තැන හැව්ලොක්ස් කණ්ඩායමටත් හිමි වෙනවා.පිළිවෙලින් තෙවන සහ සිව්වන තැන් සීඑච් ඇන්ඩ් එෆ්සී සහ පොලිස් කණ්ඩායම් සතුවෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan