*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කඩදාසි නැති නිසා පාසල් වාර විභාග අවලංගු කිරීම ජාත්‍යන්තරයටත් යයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය මේ වනවිට උග්‍ර තත්වයට පත්ව තිබෙනවා. ආනයන කටයුතු සඳහා මෙම තත්වය දැඩිව බලපා ඇති අතර මේ නිසා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පමණක් නොව බොහෝ ව්‍යාපාර කටයුතු, නිෂ්පාදන කටයුතු සඳහාද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ වනවිට රටතුළ දැඩි කඩදාසි හිගයක් ඇතිව තිබෙන අතර මේ නිසා මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

ලොතරැයිපත් මුද්‍රණය පසුගියදා අත්හිටුවා තිබූ අතර මේ වනවිට විදුලි බිල්පත් මුද්‍රණයද නතර වී තිබෙනවා. සාමාන්‍ය විදුලි බිල්පත් ලබාදීම වෙනුවට රටේ ඇතැම් ප්‍රදේශවල තාවකාලික බිල්පත් නිකුත් කර තිබූ අතර ඇතැම් ප්‍රදේශවල විදුලි බිල්පත් ලබාදීම වෙනුවට මාසික විදුලි වියදම වාචිකව ප්‍රකාශ කර තිබිණි.

කඩදාසි හිගය හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින්නේ අධ්‍යාපනය බළධාරීන්ය. ඒ, පාසල්වල වර්ෂ අවසාන විභාගය සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි වීම නිසාය. මේ නිසා වර්ෂ අවසාන විභාගය කල්දැමීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය හරහා එතරම් කතාබහට ලක් නොවූවද ප්‍රශ්න පත්‍ර අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් මතු වූ කඩදාසි හිගය මත ශ්‍රී ලංකාවේ පාසල්වල විභාග කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.

මේ හේතුවෙන් රටේ මිලියන 4.5 ක් වූ පාසල් සිසුන්ගෙන් තුනෙන් දෙකක් පමණ අර්බුදයට ලක්ව ඇති බවත්, ඔවුන්ට ඊළඟ ශ්‍රේණිය සඳහා සමත් වන විභාගයට මුහුණදීම‌ට නොහැකි තත්වයට අර්බුදයට උග්‍ර වී ඇති බවත් ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.

පසුගිය සෙනසුරාදා අධ්‍යාපන බළධාරීන්, සඳුදා ආරම්භවීමට නියමිතව තිබූ පාසල් වාර විභාග දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කර තිබූ බවද ගාඩියන් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් වාර්තා කරන අල්-ජසීරා වෙබ් අඩවිය පවසන්නේ 1948 වසරේදී නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට ඔවුන් වර්තමානයේදී මුහුණදෙමින් සිටින බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සපයා ගැනීම වැනි එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවා ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට සිදුව ඇති බවද අල්-ජසීරා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය NDTV පුවත් සේවයද වාර්තා කර තිබෙනවා.

ද ගාඩියන් වාර්තාව
අල්-ජසීරා වාර්තාව
NDTV වාර්තාව

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan