*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 05 ක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාව සඳහා උපදෙස් ලබාදීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පසුගියදා පත් කෙරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ඇතුළු 16 දෙනෙකුගෙන් එම උපදේශක කමිටුව සමන්විත වේ.

අදාල උපදේශක කමිටුව විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05 ක් ජාතික ආර්ථික සභාව වෙත යොමුකර තිබේ. ආර්ථික සභාව සහ උපදේශක කමිටුව අද පළමුවරට හමු වූ අවස්ථාවේදී මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහ බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම.
ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනා ගැනීම.
සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගතයුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබේ. විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛය. මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මගහරවා ගත හැකි බව උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan