උද්දච්ඡකම කොමිනිස්ට් රෝගයක් ….

Date:

මේ වීඩියෝවේ හර්ෂ මන්ත්‍රීවරයා විසින් පොදු ජනතාව මත බදුබර පැටවූ ආන්ඩුවේ බදු සැලැස්ම විවේචනය කරමින් ආන්ඩුවට සාධනීය ලෙස බදු ආදායම් ලබාගත හැකි නිසි සැලැස්මක් ඉදිරිපත් කරයි..

එහිදී හර්ෂගේ විවේචනයට වහා කෝප වූ සබානායක බිමල් හර්ෂට දුන් මුදල් කාරක සභාවේ සභාපති පට්ටම ගලවන බවට වහසිබස් දොඩයි..

ඇත්තෙන්ම විපක්ෂය සිය යෝජනා, චෝදනා ඉදිරිපත් කල යුත්තේ විවේචනාක්ෂියෙනි.. එසේ නැතිව කොන්ද නමාගෙන ආන්ඩුවේ අධෝමුකය හෝදන විපක්ෂයක් රටට ඇවැසි නැත…

මෙහිදී හර්ෂගේ සාධනීය විවේචනය හමුවේ බිමල් ප්‍රකෝපවීමට හේතුව කුමක්ද .. ? එහි හෙතුව නම් ආන්ඩුව දෙවියන් මැවූ ශුද්දවූ වස්තුවක් ලෙසත් විපක්ෂ කන්ඩායම් සාතන්ගේ අශුද්ද කන්ඩායම් ලෙසත්
සිතාගෙන සිටින ආන්ඩුවේ ඇත්තන්ගෙ මෝඩ උද්දච්ච චින්තනයයි..

මෙය කොමිනිස්වාදයට ආවේණික රෝගයකි..

කොමිනිස්වාදයට අනුව සමාජය දෙකට බෙදී ඇත.. එකක් සර්ව නිර්දෝශී සියල්ල දත් ගරු නිර්ධන පංති පක්ෂයයි. අනෙක්වා ධනපති පන්තියේ චෞර වන්චනික සහ පහත් බලවේගයන්ය.. මෙහිදී සමාජ සංවර්ධනයේ, යුක්තියේ තනි සහ ශුද්දවූ නියෝජිතයා ලෙසින් ආඥාදායක ලෝගුව ඇඳගැනීමට කොමිනිස්ට් පක්ෂයට අයිතිය ඇතැයි ඔවුන් සිතාගෙන සිටී…

පොල්පොට්ද මේ නිර්ධන පංතියේ ශුද්දවූ ආඥ්ඥාදායක ලෝගුව හැඳගත් එක් අයෙකි.. උතුරු කොරියානු කිම් ජොන්ලත් ඒ විකාර නිර්ධන පංති ආඥ්ඥාදායක ලෝගු ඇඳගත් පිරිසකි.. ස්ටලින් තව එකෙකි.. මාවෝද තව එකෙකි..

නමුත් ආපසු හැරී බැලූ කල මේ සියල්ලන්ම ජන ජීවිත ඓතිහාසික ලෙස නන්නත්තාර කල කෘර ඒකාධිපතියන්ය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...