දඹුල්ලේ අකිලගේ තර්ජනය හමුවේ ගාල්ලේ ඔෂධගෙන් ශතකයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන සිව්දින තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය විසින් පන්දු යැවීමෙන් ඇති කරන ලද දැඩි පීඩනය හමුවේ ලකුණු 267 ට ගාල්ල කණ්ඩායමේ සියල්ල දැවී ගියත් ඔෂධ ප්‍රනාන්දු 163 ට මුහුණ දෙමින් වටිනා ශතකයක් රැස් කරන්නට සමත් වුණා.හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් අඩංගු වූ එම ඉණිමට සෙසු පිතිකරුවන් අතරින් මනා සහයක් හිමි වුණේ දිනේශ් චන්දිමාල්ගෙන් පමණයි.ඔෂධ සහ චන්දිමාල් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 154 ක සබඳතාවයක් ද පවත්වන්නට සමත් වුණා.ගාල්ලේ පිතිකරණ වික්‍රමයන් හකුළුවා දැමූ අකිල ධනංජය ලකුණු 83 ට කඩුලු 7 ක් දවා ගන්නට සමත් වුණා.


පළමු සතියේදි පිත්තෙන් කැපී පෙණුන කමිල් මිශාර මෙවර තරගාවලියේ වාර්තා වූ වැඩිම ලකුණු සහිත ඉණිම ක්‍රියාත්මක කරමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 172 ක් රැස් කරන්නට සමත් වුණ අතර තරගයේ පළමු දිනය නිමාවන විටත් මහනුවර කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...