දයාසිරිගේ අතුරු ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව ඇවිලෙයි! හඳුන්නෙත්තිත් ෆයර් වෙයි! සභාවම උණුසුම්!(VIDEO)

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාවෙත යොමුකර තිබුණු 2024 ජනාධිපතිවරණයෙන් පසු මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට අදාළ ප්‍රශ්නයට මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරිපප්පෙරුම මහතා පිළිතුරු දීමෙන් අනතුරුව අතුරු ප්‍රශ්න යොමු කිරීමේදී සභාවේ උණුසුම් තත්ත්වයක් මතු විය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මුල් ප්‍රශ්නයට අදාළ නොවන ලෙස රජයේ ණය ගැනීම් සම්බන්ධව හා බුකින් ඩොට් කොම් සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා කර තිබුණු ප්‍රකාශය සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න යොමුකිරීම සම්බන්ධයෙන් කථානායකවරයා ඔහුට අවවාදාත්මකව ස්ථාවර නියෝග පරීක්ෂා කරන ලෙස පවසන ලදී.

එහිදී දයාශ්‍රි ජයසේකර මන්ත්‍රීවරයා කථානායකවරයා වෙත පැවසුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු දීමේ කාර්යයට මැදිහත් නොවන ලෙසයි.

එසේම දයාසිරි ජයසේකර මහතාගේ අතුරු ප්‍රශ්න මුල් ප්‍රශ්නයට අදාල නොවන හෙයින් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් එම ප්‍රශ්නද අමාත්‍යවරයා වෙත යොමුකරන ලෙසයි ඊට ප්‍රතිචාර වශයෙන් සුරියප්පෙරුම මහතා පැවසුවේ.

මේ අවස්ථාවේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාද සභාව අමතමින් පැවසුවේ කථානායකවරයට නියෝග දීමට මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති අතර කරුණු විමසීමක් අවශ්‍ය නම් එය සිදුකළ හැකි බවයි.

කථානායකවරයාගේ ගරුත්වය යනු පාර්ලිමේන්තුවේ ගරුත්වය වන හෙයින් එය ආරක්ෂා කිරීමට සියලු දෙන බැඳී සිටින බවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හැමදාමත් පාර්ලිමේන්තුව විහිළුවකට ගෙන සිටින බවටයි අමාත්‍යවරයා තවදුරටත් චෝදනා කළේ.

මෙහිදී දයාසිරි ජයසේකර මහතාද ආවේගයෙන් ප්‍රතිචාර දක්වන ලද අතර සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...