ආයතන ගත ආයතනවල ජීවත් වන ගැහැනු දරුවන් වෙනුවෙන් තීරණයක්!

0
501

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

අද (21) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ආයතන ගත ආයතනවල ජීවත් වන දරුවන්ට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදීමටත් රුපියල් 3000ක් ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමටත් තීරණය කළ බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අනාථ කඳවුරුවල සිටින ගැහැනු දරුවෙකු විවාහ වන්නේ නම් නිවාසයක් ඉදිකරගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන බවයි.