01. ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා වූ විස්තීර්ණ අරමුදල් පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කරයි: මෙමඟින් රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය, දුගී සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට එල්ලවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම, සහ ආණ්ඩුකරණය සහ වර්ධන විභවය ශක්තිමත් කිරීම අපේක්ෂා කරයි – විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ඇ.ඩො. බිලියන 3 කට ආසන්න මුදලක් ලබා දීමටත්, ඇ.ඩො. මිලියන 333 ක මුදලක් වහා නිදහස් කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එකඟ වෙයි – මේ අතර, මෙරට දූෂණ විරෝධී සහ පාලන රාමුව පිළිබඳව තක්සේරුවක් සිදු කරමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනිශ්චය මෙහෙයුම් හරහා වඩාත් පරිපූර්ණ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවලින් යුතු න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීම වැදගත් බවත්, සංවර්ධන හවුල්කරුවන්ගේ තාක්ෂණික සහාය ද ඇතිව බලධාරීන් විසින් රටේ වර්ධනය වැඩිදියුණු කරන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
02. ශ්‍රී ලංකා කුටුම්භවල ආහාර අනාරක්ෂිතභාවය තවමත් සැලකිය යුතු මට්ටම්වල පවතින බව ලෝක ආහාර වැඩසටහනේ 2023 පෙබරවාරි සඳහා වූ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේ දැක්වෙයි – ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 32 ක්ම ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත්, වෙළඳපොලේ මිල අස්ථාවරභාවයක් පවතින බවත් අවධාරණය කරයි – කෙසේවෙතත්, වෙළඳපොල සක්‍රියව පවතින අතර, පුළුල් පරාසයක නිශ්පාදන පැවතීම, ප්‍රමාණවත් තරම් අත්‍යාවශ්‍ය ආහාර වෙළඳපොලේ විකිණීමට තිබීම, සහ ඔරොත්තුදෙන සැපයුම් දාමයක් පැවතීම ද නිරීක්ෂණය කළ හැකි බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
03. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිටි හිටපු පා.ම. දුමින්ද සිල්වා ට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් ජනාධිපති සමාව අහෝසිකරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනේ – වැඩිදුර විභාගය 2023 මාර්තු 30 වන දින දක්වා කල් තැබේ.
04. නැවත දැනුම් දෙන තුරු ප.ව 8 සිට පෙ.ව 5 දක්වා නුවර – මහියංගනය පාරේ 18 වංගුව කලාපය වසා දැමීමට තීරණය කෙරේ – මෙම කාලසීමාව තුළ රියදුරන්ට විකල්ප මාවත් තෝරා ගන්නා මෙන් ඉල්ලුම් කෙරේ – මීට ඉහත පස් කඳු සහ පර්වත කඩා වැටීම මත 18 වංගුවේ දෙවන වංගුව තාවකාලිකව වසා දැමුනු අතර, පස් කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව එය නැවත විවෘත කරන තිබිණි.
05. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව ගොනුකළ නඩුවක් විභාග කිරීම වළකාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මාර්තු 28 වන දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය කටයුතු කරයි – ඔහුට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබෙන්නේ, ඉකුත් 2022 ජූලි 09 වන දින අරගලයේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගන්නා ලද විශාල මුදල් ප්‍රමාණය සම්බන්ධයෙනි.
06. වගා කන්න තුනකට පසු මාර්තු 20 වන දින සිට ගොවීන් මිලියන 1.2 කට මඩ පොහොර බෙදා දීම සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි – ඊජිප්තුවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 36,000 ක මඩ පොහොර කෘෂිකර්ම අමාත්‍යංශයට ප්‍රදානය කරනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි.
07. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ භාණ්ඩාගාරය සතු කොටස් ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දුන් බව භාණ්ඩාගාරය පවසයි – ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් සියයට 49.5 ක් භාණ්ඩාගාරය සතුවන අතර, ලංකා හොස්පිටල් සමාගමේ කොටස් සියයට 51.34 ක් රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවෙයි.
08. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කරන මෙන් ඉදිරිපත් කළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ක්‍රියාවට නැංවිය නොහැකි බවට රජය සිදුකළ ප්‍රකාශයට පටහැනිව 2023 මාර්තු 15 වන දින පමණක් රජය විසින් රු. බිලියන 113.5 ක් මුද්‍රණය කර ඇති බව පිවිතුරු හෙල උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිල පවසයි – වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය තුළ රු. බිලියන 867 තරම් අතිවිශාල මුදලක් මුද්‍රණය කර ඇති බවත්, එවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රු. බිලියන 09 ක් මුද්‍රණය කළ නොහැක්කේ මන්ද යන්න ප්‍රශ්න සහගත බවත් පවසයි.
09. බැංකු පනතේ 83සී වගන්තිය උල්ලංඝනය කළ පිරමිඩ් ආකාරයේ මූල්‍ය ක්‍රම තුනකට එරෙහිව අපරාධ චෝදනා ගොනුකරන මෙන් මහ බැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියි – මෙම මූල්‍ය යෝජනා ක්‍රම තුන වන්නේ ‘Fast3cycle International Pvt. Ltd.’, ‘Sport Chain App, Sport Chain ZS Society in Sri Lanka’, සහ ‘Onmax DT’ ය.
10. 2015 දී ඝාතනයට ලක්වූ සිවාලෝගනාදන් විද්‍යා දැරියගේ නඩුවෙන් මරණ දණ්ඩනය නියම වූ විත්තිකරුවන් තමා නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති අභියාචනා 2023 ඔක්තෝබර් 06 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට දින නියම වෙයි – මෙම විත්තිකරුවන්, පැහැර ගැනීම, සමූල අපයෝජනය කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනාවලට යාපනය මහාධිකරණය හමුවේ වරදකරුවන් වූ පුද්ගලයන් ය.