වහාම ගාසාහි සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජනපදය කරන ලද ඉල්ලීම වෙනුවෙන් රුසියාව හා චීනය සිය නිශේධ බලය භාවිතා කර පරාජය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ගාසා තීරයේ ක්ෂනික සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජනපදය විසින් අද(22)දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ යෝජනාව රුසියාව හා චීනය සිය නිශේධ බලය යොදා පරාජය කර ඇති බව වාර්තා වේ.

කලාපය තුළ වහාම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම්වලට එක්සත් ජනපදය සහාය දුන් පළමු අවස්ථාව මෙය වන අතර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසන්නේ එක්සත් ජනපදයේ සහාය ඇතිව හෝ නැතිව රෆාහි ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමට ඊශ්‍රායලය සැලසුම් කරන බවයි.

මේ සතියේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ආහාර සුරක්ෂිතතා තක්සේරුවකින් කියැවුණේ ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවක් ව්‍යසනකාරී කුසගින්නෙන් හා සාගින්නෙන් පොරබදමින් සිටින බව තහවුරු කළ අතර ගාසා තීරය පාලනය කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා පශ්චාත් යුද සැලැස්මක් සාකච්ඡා කිරීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ වන විට මැද පෙරදිග සංචාරයේ නිරතව සිටියි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කර තිබුණේ, ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ නව යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රංශය කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...