*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

මේ කුහක අවස්ථාවාදී දේශපාලනයක් කරන්න ඕනේ වෙලාවක් නෙමෙයි – මනූෂ මාතලේදී කියයි

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙන යාම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත්, මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්නන්ට රට ආපස්සට ගෙන යාමට කිසිදු ඉඩක් නොතබන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (22) ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සැලසීම පිණිස මාතලේදී ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

තම අමාත්‍යාංශයට එන ඊශ්‍රායෙල්, කොරියා, ජපාන රැකියා අවස්ථා තමන් නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දිය හැකි වුවත් තම සේවය රට වෙනුවෙන් පමණක් වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

“මේ රටේ ඉතිහාසයේ ඉදලම හාල් පොලු, මිරිස් පොලු, වගේ විවිධ පොලු තිබුණා. අපේ ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිවරයා වෙනස් කරද්දී ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ මැතිණිය එක තැනකට ගොනු වෙමින් යන වෙලාවේ මේ රටේ වැරදි මත හදලා රට ඇතුළේ ගැටුමක් නිර්මාණය කරලා දහස් ගණන් ජීවිත වැරදි පාරකට යොමු කරලා, ජීවිත විනාස කළේ ඔය කයිවාරුකාරයෝම තමයි.
ඊට පස්සෙත් මේ රට ගොඩ යන්න හදන හැම වෙලවකම රටේ තරුණ තරුණියෝ නිස්කාරණයේ කැරලිවලට අරගෙන ගිහිල්ලා තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කළෙත් ඔය කයිවරුකාරයෝම තමයි.
මේ රටේ සංවර්ධනය හැමදාම සිද්ධ වෙනකොට, විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු නොවෙන්නේ, පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ කරන්න නොහැකි වුුණේ, රටේ සම්පත් කියලා ජනතාවගේ බදු මුදලින් ආයතන නඩත්තු කරන්න වෙන තත්ත්වයට ආවේ ඒ අය නිසයි. ඒ වගේම ගන්න හැම තීන්දුවකදීම කකුලෙන් ඇද්දා. ඒ වගේම වරායවල් ජනසතු කරන්න හදනකොට, නැගෙනහිර – බටහිර වරායන් හදනකොට කුකුලෙන් ඇද්දා. මේ රටේ සංවර්ධනය වෙනකොට හැම වෙලාවේම කකුලෙන් ඇද්දා. අධිවේගී මාර්ග හදනකොට කෑ ගැහුවා. අද නියම ආර්ථික විප්ලවයක් සිදු වෙන අවස්ථාවේදී මේ වගේ වැරදි මත හදලා වැරදි තැන්වලට රට ගෙනිහිල්ලා නැවත වතාවක් රට අර්බුදයකට ආගාධයකට ගෙනයන අයගෙන් අපි ප්‍රවේසම් විය යුතුයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. විවිධ මුහුණුවලින් ආවාට කොටියා කොටියාම තමයි.”

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී අවධාරණය කළේය.

මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ අද සහ හෙට (23) දෙදින තුළ පැවැත්වෙන වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසීම, ශ්‍රී ලංකාවේ විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම යනාදී කටයුතු ගණනාවක් සිදු කෙරෙන අතර අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

“වින්ස්ටන් චර්චිල් තමයි දෙවෙනි ලෝක යුද්ධය වෙලාවේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා වගේම පාලකයා. දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය දක්වා මෙහෙයවූ බ්‍රිතාන්‍ය නායකයා. මුළු යුද්ධ කාලෙම බ්‍රිතාන්‍ය පාලකයා වුණත් ඔහු දෙවෙනි ලෝක යුද්ධය අවසානයේ පවත්වන මැතිවරණයෙන් පරාජයට පත් වෙනවා. එහිදී ඔහු කියනව ජනතාව ගත්තෙ හරිම තීන්දුව කියලා. තමන්ට යුද්ධයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණත් යුද්ධයෙන් කඩා වැටුණු, බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන ආර්ථික යුද්ධය කිරීමට තමන් නොදන්නා බව චර්චිල් ඉතාම නිහතමානීව පිළිගන්නවා. ඒක කරන්න පුළුවන් කෙනෙකුට වැඩේ බාර දෙන එක තමයි හොඳම දේ කියල චර්චිල් නිහතමානීව කියනවා. මිනිස්සු හරි වෙලාවට හරි තීන්දු ගන්න ඕනේ.
එදා බ්‍රිතාන්‍ය ජනතාව වැරදි තීන්දුවක් ගත්තා නම් අද තියෙන තත්ත්වයට බ්‍රිතාන්‍ය දියුණු නොවෙන්න තිබුණා. ඒ නිසා අදටත් වර්චිල්ටත් බලය ගත් අනෙක් අග්‍රමාත්‍යවරයාටත් බ්‍රිතාන්‍ය ජනාතව එක ලෙස ගරු කරනවා.
බය නැතිව තීන්දු ගැනීමයි වැදගත්. බය නැතිව තීන්දු ගත්ත නිසා තමයි අපිට යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණේ. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිතිවරයා ආරක්ෂක අංශ සමඟ එක් වෙලා බය නැතිව තීන්දු තීරණ ගත්තා. මේ පැමිණ තිබෙන්නේ රටක් විදිහට සියලු දෙනා ස්මාට්ව තීන්දු තීරණ ගත යුතු වෙලාවක්. අද අපිට අවශ්‍ය කර තිබෙන්නේ මේ රට ස්මාට් විදිහට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන තීන්දු ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසාමයි අපි මේ ස්මාට් ජනතාව හොයාගෙන මාතලේට ආවේ. ඒ වගේම රටේ ජනතාව ස්මාට් අරගලයක් වෙනුවෙන් පෙළ ගස්වන ගමනේ මාතලේ සේනා සංවිධානය කරන, ස්මාට් රටක් වෙනුවෙන් ස්මාට් වැඩ්ඩන් හදන, ස්මාට් පුරවැසියන් ගොඩනගන ස්මාට් අවබෝධය ඔබට ලබාදෙන්නයි අපි කටයුතු කරන්නේ.


එදා නිදහස් සටන්වල, යටත් විජිත විරෝධී අරගලවල, නායකත්වය, මූලිකත්වය ගත්තු මාතලේ ඔබට අදත් මේ රට නැවත වතාවක් ජයග්‍රාහී රටක් බවට පත් කරන්නයි අපි මෙහි පැමිණියේ. ‘ජයගමු ශ්‍රී ලංකා’ ගමන්මගේ මූලික ස්ථානයක් අරගෙන මේ රට දිනවන්න ඔබ සියලු දෙනාට අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න තමයි අපි මේ ස්ථානයට පැමිණියේ.


අපේ උරුමය රැකලා දුන්නු, සුවිශේෂී සංධිස්ථානවලට මාතලේ උරුමකම් කියනවා. අවුරුදු සීයකට වැඩි කාලයක් අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්, කොලනියක් විදිහට හිටියා- ඒ කාලය ඇතුළත නිදහස් සටන් තුනක් සිද්ධ වුණා. පළවෙනි එක 1818දී. දෙවෙනි එක 1848දී. තුන්වෙනි එක අපි නිදහස දිනා ගත්ත 1948දී. මේ තුනටම මේ මාතලේ සම්බන්ධයි. 1818 සටනේ නායකයා මේ මාතලේ කෙනෙක්. ඒ තමයි කැප්පෙටිපොල. 1848 සටන ඇවිළුණේ මේ මාතලේ. ඊට පස්සෙ 1948දී නිදහස් ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරතුමා, ඒ වගේම අපේ රටේ එකම නාමික ජනාධිපතිතුමා, විලියම් ගොපල්ලව මහත්තයා – මේ මාතලේ. මාතලේට ඒ හැම අවස්ථාවක්ම සම්බන්ධයි. ඒ විතරක්ද ඇලික් අළුවිහාරේ වගේ දේශපාලනඥයන්, කුමාර් සංගක්කාර වගේ ලෝක පූජිත ක්‍රීඩකයින්, හේමාල් රණසිංහ වගේ ජනකාන්ත රංගන ශිල්පීන්, ඒ විතරක්ද අපේ හිටපු හමුදාපතිතුමා ශවේන්ද්‍ර සිල්වාත් වර්තමාන හමුදාපතිතුමාත් මාතලේ බිහි වුණ චරිත. ඒ වගේම තිස් අවුරුදු යුද්ධයෙන් මේ රට මුදා ගන්නත් මාතලේ දියණියන් පුතුණුවන් දායක වුණා.
මාතලේ හැම තීරණාත්මක අවස්ථාවකදීම රටට අවශ්‍ය ශක්තිය, ජවය දීලා තියෙනවා. අද අපි මේ මාතලේ ජනතාවටත් ඇවිල්ලා ආරාධනා කරන්නේ මේ ශ්‍රී ලංකාව නැවත ගොඩනගන වැඩේට, මේ ස්මාට් අරගලයට එකතු වෙන්න කියලයි. මේ තීරණාත්මක අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කළයුතු වෙනවා.
දේශපාලන විඥානයකින් යුක්තව කටයුතු කළයුතු වෙනවා. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විඥානය පිළිබඳ වූ ප්‍රශ්නය. මෙය ඉතිහාසය පුරාම අපිව රටවට්ටන්න හේතු සාධක වුණා. අපි නියම දේශපාලනික අවබෝධයකින් කටයුතු කරන්න ඕන වෙලාවක් මේක. මේ විදිහට ගමෙන් ගමට, නගරයෙන් නගරයට, මේ විදිහට රට පුරා අපි යන්නේ අන්න ඒ දේශපාලන අවබෝධය මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔය එක එක කයිවාරුකාරයො දැන් අපිට අපහාස කරන්න පටන් අරගෙන තියෙනවා.


ඔය කයිවාරුකාරයෝ පසුගියදා මාතරට ගිහිල්ලා කියනවා, අපි විදේශ රැකියා බෙදමින් තරුණ තරුණියන් රටේ තියාගන්නේ නැතිව රට යවනව කියලා. බොහොම බරපතල විදිහට චෝදනා කරලා තිබුණා. ඒත්, ඇත්තටම අපිට තිබුණා ඊශ්‍රායලයෙන්, කොරියාවෙන්, ජපානයෙන් එන රැකියා ටික මම දේශපාලනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට බෙදාගෙන මේ ස්මාට් බෝඩ් ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එක් පාසලක් තෝරාගන්නේ නැතිව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට දෙන්න. ඒ වගේම පාසල් පොත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දෙන බිලියන ගණනක මුදල් ගාල්ලට විතරක් දෙන්න මට පුළුවන්කම තිබුණා. අද පිටරට ගිහින් ආපු අයට දෙන ප්‍රතිලාභ ගාල්ලට විතරක් දෙන්න පුළුවන්කම තිබුණා. හෙට දවසේ තරුණ තරුණියන් සඳහා පැවැත්වෙන සහ එහිදී වෘත්තීය අධ්‍යාපනයට ලබාදෙන බිලියන 1.5ක් වටින ශිෂ්‍යත්ව ගාල්ලට විතරක් දෙන්නත් තිබුණා. ඒ වගේම ශ්‍රම වාසනා අරමුදල හරහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ළමුන් 500ක් ගාණේ තෝරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 344ට මේ ලබා දෙන පොත්පත් ගාල්ලට විතරක් දෙන්න තිබුණා.


අපි රට වටේම ගිහින් රස්සා බෙදනවා. ඊශ්‍රායලයෙන් අලුතෙන් හොයාගෙන ආව රස්සා ටික මාතලෙන් පටන් ගෙන රට වටේම තරුණ තරුණියන්ට බෙදනවා. ලංකාව වටෙන්ම ඇවිත් ඉන්න විදේශ රැකියා නියෝජිත ආයතන හොයාගෙන එන රැකියා ටික මාතලෙන් පටන් ගෙන රට වටේම තරුණ තරුණියන්ට දෙනවා. මේ වැඩසටහන අවසන් වෙනකොට බිලියන 5ක 6ක ප්‍රතිලාභ අපේ විගමණික ශ්‍රමිකයින්ගේ සිට රටේ සියලුම ශ්‍රමික ජනතාවට දෙනවා. අපි කුහක දේශපාලන කයිවාරුකාරයින්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. හැබැයි අපේ මේ දරුවන්ට, තරුණයින්ට ලැබෙන ප්‍රතිලාභ දැක්කාම, රට ගොඩනැගෙනවා දැක්කාම, රට ගොඩ නැගිලා තරුණ තරුණයින් රට ගිහින් සල්ලි හොයාගෙන ඇවිත් ව්‍යවසායකයින් බවට පත්වෙලා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳෙනකොට, ජනාධිපතිවරයා ඊට අවශ්‍ය නීති රීති ටික හදලා ව්‍යවස්ථාමය වෙනස්කම් කරලා රටක් විදිහට ගොඩනැගෙනවාට බොහෝ අය කැමති නැහැ. හිඟන්නෝ කැමති නැහැ තුවාල හොඳ වෙනවාට. හිඟන්නෝ කැමති තුවාල හැමදාම තියෙනවාටයි. හිඟන්නෝ කැමති සමාජයේ ප්‍රශ්න තියෙනවාට, සමාජයේ දුප්පත්කම තියෙනවාට.


රටේ තිස් හතලිස්දාහක් ලක්ෂ 05ක 06ක වැටුප් ලබන රස්සාවලට අපේ තරුණ තරුණියන් යොමු කරලා වරප්‍රසාද අවම පවුල්වල සමාජිකයින් මේ රට රැකියාවලට යන්න තෝරලා දෙන්න කියලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මම කිව්වා. සංවර්ධන නිලධාරීන්ට මම පණිවුඩ යවලා තියෙනවා.
රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය එයයි. එහෙම නැතිව මාසෙන් මාසෙට විවිධ දේවල් දෙන එකෙන් දුප්පත්කම නැති කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි රට වටේම කරන්නේ මාළු දෙන එක වෙනුවට ‘බිලී පිති’ දෙන එකයි.


පවුල් ලක්ෂ 24කට ‘අස්වැසුම’ දෙද්දී මේ පවුල්වලින් ලක්ෂ 15කටවත් විදේශ රැකියා දෙන්න මට පුළුවන් වුණොත් විශේෂයෙන්ම පුහුණ ශ්‍රමිකයින් විදිහට මාසෙකට ඩොලර් 2000ක් 3000ක් ලංකාවට එවන්න පුළුවන්කම ලැබුණොත් කොයිතරම් ගෙවල් ගොඩ යයිද? ගම් ටික ගොඩ යයිද? රට ගොඩ යයිද?
මෙන්න මේකටයි කයිවාරුකාරයෝ විරුද්ධ වෙන්නේ. ඉතින් විෂය භාර ඇමතිවරයා විදිහට මම මේ කටයුත්ත කරනවා. ජනාධිපතිතුමා ඒකට ශක්තිය ලබා දී තිබෙන්නේ එතුමා දුර දකින දැක්මක් තියෙන නායකයෙක් නිසයි. මේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපි කිසිම ආකාරයකින් පැකිළෙන්නේ නැහැ.


අපේ රට දකුණු ආසියාවේ වේගයෙන්ම සංචාරක සංවර්ධන සිදු වෙන රට බවට පත්ව තිබෙනවා. ලෝකයේ හොඳ ගමනාන්ත දහයෙන් එකක් බවට අපේ රට පත්ව තිබෙනවා. මේ මාස තුනට විතරක් සංචාරකයින් ලක්ෂ හයක් ඇවිත් තියෙනවා. මේ විදිහට සිදු වෙනකොට මාතලේට ඇති වෙන සංවර්ධන ගැන විතරක් හිතන්න. මම දැක්කා ‘විසිට් රත්තොට’ කියලා අලුත් සමාජ මාධ්‍ය පළකිරීම් තිබෙනවා. මම ඇලහැර පැත්තට රිවස්ටන් පැත්තට වැඩියෙන් යනවා. මොකද අපිත් රස්සාවක් කරන්න එපැයි. මොකද යාළුවො දෙන ඇදුම්වලින් අනුන් දෙන දේවල්වලින් දේශපාලනය කරන්න බැහැනේ. මම ඇලහැර පැත්තේ මගේ නෝනගෙන් ආපු ව්‍යාපාරය වෙන මැණික් ව්‍යාපාරය අද වෙනකොට ව්‍යාපාරිකයෙකු විදිහට කරගෙන යනවා. නැත්තම් අපිටත් වෙන්නේ අනුන්ගේ ඇදුම් අගේට ඇඳගෙන ‘මගේ වගේ’ යනවා කියන්න තමයි.
තේ කඩයක්වත් කළේ නැත්තම් අමාත්‍යාංශයක් රටක් කරන්න බැහැ.


මේ ආර්ථිකය ක්‍රමානුකූලව හැදෙන වෙලාවක තරුණ තරුණියන්ගේ ජීවිත උගස් තියලා රට ආපස්සට අදින්න උත්සහ කරනකොට ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්න උත්සාහ කරන අයට ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ.


මේක කුහක අවස්ථාවාදී, දේශපාලනයක් කරන්න ඕනේ වෙලාවක් නෙමෙයි මේක. මේක පාට, පක්ෂ කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ අපිට තියෙන්නේ ස්මාට් චින්තනයක්. මුඛ පරම්පරාව සෙල් ලිපියට, පුස්කොලයට අරන් ඇවිත්, මිනිස් ඉතිහාසයේ ස්මාට් විප්ලවයක් කරේ මේ මාතලේ අළු විහාරයෙදි. එතැනින් පටන් ගත්ත මාතලේට අලුත් ස්මාට් විප්ලව පටන්ගන්න එක අමාරු වෙන්නේ නැහැ. මේ සමාජවාදය ධනවාදය ඇතුළු නොයෙක් වාද ලෝකයේ හැම තැනකම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒත්, අපිට අවශ්‍ය වෙන්නේ ලෝකයෙන් ගෙනාපු මතවාද නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ අපේ රට වැටුණු තැනින් ගොඩ නගන සියලුදෙනා එකට එකතු වෙලා මේ රට ගොඩ නගන වැඩපිළිවෙළයි. ඒකට දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් නැහැ. අපිට තියෙන්නේ රට ගැන ප්‍රතිපත්තියක් විතරයි. මේ දේශපාලන ක්‍රියාදාමයේදී රට කියන තැන විතරයි අපිට තියෙන්නේ. ඒ නිසයි බය නැතිව රාජ්‍ය නිලධාරීන් තියාගෙන මේ ගමන යන්නේ. අපිට තියෙන්නේ රටේ ගමන විතරයි. පාට පක්ෂ දේශපාලනයක් නෙමෙයි.


ස්මාට්කම කියන්නෙ අනුන්ගෙ කලිසම් ඇදගෙන කයිවාරු ගහන එක නෙවෙයි. මොන තරම් උජාරුවට ඇදගෙන කයිවාරු ගැහුවත් ඒවා අනුන්ගෙ කලිසම් නම් වැඩක් නැහැ. කලිසම් හැළුණත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැත්නම්, අත්පුඩි ගහන්න බැරි වුණත් ඩොලරය ශක්තිමත් කරන්න පුළුවන් නම්, මිනිස්සුන්ට පිටට තට්ටු කරලා කතා කරන්න දන්නේ නැති වුණත් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් නම් ඒක තමයි ස්මාට් අරගලය. අපිට පක්ෂයක් නැහැ. අපිට තියෙන්නේ රටක්. එතැනටයි අපි ගොඩ නැගෙන්නේ.
මේ අමාත්‍යාංශය භාරගෙන අද වෙනකොට රට තුළට ඩොලර් බිලියන 10ක මුදලක් විදේශගත ශ්‍රමිකයින් එකක් ගෙන එන්න අපිට හැකියාව ලැබුණා. ඩොලර් මිලියන 500ක් ගෙන එන්න කියලා පටන් ගත්ත අපිට අද වෙනකොට ඩොලර් බිලියන 10ක් ගෙන එන්න හැකියාව ලැබුණා.”
යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan