ඇමති ලොකුගේගේ රියදුරෙකුට පහරදී ඝාතනය කරලා !

Date:

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකු පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරු ලෙස කටයුතු කළ, කැස්බෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයෙහි එක් තරුණයෙකු අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කර ඇති අතර එය සෙමෙන් ධාවනය කරන ලෙසට මෙම රියදුරු විසින් ඔහුට අවවාද කර ඇති බව සඳහන්.

ඊට කෝප වූ එම තරුණයා තවත් පිරිසක් ද සමග ආපසු පැමිණ අදාළ රියදුරුට පොලු මුගුරුවලින් පහරදී තියුණු ආයුධයකින් ඇන ඇති අතර බරපතළ තුවාල ලද රියදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසිය ඊයේ (21) රාත්‍රියේ මෙහෙයුමක් දියත් කළ ද ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් වාර්තා විය.

කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...