ඇමති ලොකුගේගේ රියදුරෙකුට පහරදී ඝාතනය කරලා !

0
509

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකු පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරු ලෙස කටයුතු කළ, කැස්බෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයෙහි එක් තරුණයෙකු අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කර ඇති අතර එය සෙමෙන් ධාවනය කරන ලෙසට මෙම රියදුරු විසින් ඔහුට අවවාද කර ඇති බව සඳහන්.

ඊට කෝප වූ එම තරුණයා තවත් පිරිසක් ද සමග ආපසු පැමිණ අදාළ රියදුරුට පොලු මුගුරුවලින් පහරදී තියුණු ආයුධයකින් ඇන ඇති අතර බරපතළ තුවාල ලද රියදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසිය ඊයේ (21) රාත්‍රියේ මෙහෙයුමක් දියත් කළ ද ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් වාර්තා විය.

කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here