රට ගොඩ නගන මග ඇත්තේ සමගි ජන බලවේගයටයි – සජිත් අගලවත්තේ දැවැන්ත රැස්වීමේදී කියයි (VIDEO)

Date:

මේ මොහොතේ බරපතළ අගාධයකට වැටී ඇති රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ ශක්තිය ජනතාවට ඇති බවත් එය වටහා ගෙන ඇති ජනතාව දිනෙන් දින සමගි ජන බලවේගය වටා රොද බඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දරාගත නොහැකි ජීවන වියදමෙන් රට අගාධයට වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා වහාම කළ යුත්තේ මේ රට ගොඩනැගීමේ කාර්යභාරය අතට ගැනීම බවත් අවධාරණය කළේය. තට්ටු මාරු ක්‍රමය වෙනුවට අලුතින් හිතන දේශපාලන චින්තනය මේ රටේ ජනතාව තුළ ඇති බව පැවසූ ඒ මහතා සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස තෝරා පත් කළේ ඒ අනුව බවත් සඳහන් කළේය.

මෙරට දේශපාලන වංශ කතාව තුළ සමගි ජන බලවේගය විපක්ෂ දේශපාලන භූමිකාව සහමුලින්ම වෙනස් කොට ඊට නව අර්ථයක් එක් කළ බව පැවසූ විපක්ෂ නායකවරයා දේශය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට, බලය නැතත් සමගි ජන බලවේගය දායක වී ඇති බව ද පෙන්වා දුන්නේය.

වැඩ බැරි දුර්දාන්ත ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යැවීම උදෙසා පෙළ ගැසෙන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත ද විපක්ෂයේ පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඉටුකරන බවද කීය.

සමගි ජනබලවේගයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතාගේ ආසන බල මණ්ඩල රැස්වීම පෙරේදා (20) අති සාර්ථක ලෙස පැවැත්විණි. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...