ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ – මහින්දානන්ද

විපක්ෂයේ දේශපාලකයින් මොනවා කීවත් මොනවා කළත් වත්මන් ආණ්ඩුව බිඳහෙළිය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“අපි මේ අමාරුව හොඳට දන්නවා. ජනතාවට තියෙන බර හොඳට දන්නවා. සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඒ වගකීම භාරගන්නවා. අපිට දෙන්න පොඩි කාලයක්. පාර්ලිමේන්තුවේ තුන් හතරදෙනෙක් එක එක දේවල් කිව්වාම, සජිත් ප්‍රේමදාස ගෝල්ෆේස් එකට සෙනඟ ගෙනාවාම, ආණ්ඩුව වැටෙයි කියලා හිතනවා. මිත්‍රවරුනි අපි ඒගොල්ලන්ට කියනවා, ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ කියන සහතිකය අපි මේ රටේ ජනතාවට ලබාදෙනවා”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...