සහන මල්ලේ සමපෝෂ තියෙන බව මම කිව්වේම නෑ, සමාජ මාධ්‍යවල යන්නේ පට්ටපල් බොරු – ඇමති වසන්ත (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අවුරුදු සමයේදී ආණ්ඩුව බෙදාහරින සහන මල්ලේ සමපෝෂ පැකට් දෙකක් අඩංගු බවට තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“පසුගිය කථිකයෙක් සඳහන් කරලා තිබුණා මේ සමාජ මාධ්‍ය පැත්තෙන් සහ විපක්ෂය පැත්තෙන් මේ ආණ්ඩුව එළඹෙන අවුරුදු සමයත් එක්ක ලබාදෙන්න යන බඩුමල්ල සම්බන්ධව සාවද්‍ය පට්ටපල් බොරු මේ පාර්ලිමේන්තුවේ කියනවා. අර සමාජ මාධ්‍යවල තියෙන ඒවා ඇවිල්ලා මේකෙ කියනවා. මම ඒ නිසා ඉතාම වුවමනාවෙන් ඉල්ලනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාජ මාධ්‍යවල තියෙන බොරු කියන්න එපා. මම ඉතාම පැහැදිලිව වෙළඳ අමාත්‍යාංශයේ දවසේ නලින් බණ්ඩාර විපක්ෂයේ මන්ත්‍රීතුමා මේ ගැන අහන වෙලාවේ හරි පැහැදිලිව මේ භාණ්ඩ මල්ලට එකතු කරන බඩු ලැයිස්තුව මොකක්ද කියලා. මම ඒ කියන ගමන්ම කිව්වා මේකෙ තියෙන්නෙ සුපෝෂ. සමපෝෂ නෙවෙයි. සුපෝෂ හදන්නෙ අපේ ත්‍රීපෝෂ ෆැක්ටරියේ. ඒ නිසා විපක්ෂයෙන් මේක සමපෝෂ කරන්න හදනවා. ටෙන්ඩරේකින් මේක කොහොමත් කරන්නෙ ගරු සභාපතිතුමිය, මේ බඩු මල්ලේ තියෙන්නෙ සුපෝෂ ග්‍රෑම් 200 පැකට් දෙකක්”

කෙසේවෙතත් මෙහිදී ඩී. වී. චානක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම බඩු මල්ලේ සමපෝෂ පැකට් දෙකක් අඩංගු බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙහි හඬපටය තමන්ට සභාගත කළහැකි බවයි.

එම බඩු මල්ලේ සමපොෂ පැකට් දෙකක් ඇති බවට වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන අයුරු පෙන්වන වීඩියෝවක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...