*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

මාලිමා මන්ත්‍රීට එරෙහි පැමිණිල්ලට පොලීසියෙන් සාධාරණයක් නෑ – බිරිඳ පොලිස්පතිට පැමිණිලි කරයි ! (VIDEO)

තමන්ට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලහත්කාරයෙන් ළඟ තබාගෙන සාවද්‍ය පරිහරණය කරන බව පවසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතාගේ බිරිඳ වන නීතීඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා මහත්මිය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තම සේවාදායිකාව විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර පිළියන්දල පොලීසියට ගොනු කළ පැමිණිලි දෙකකටම සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙසේ පොලිස්පතිවරයාට සෘජුවම පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි නීතීඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඉමාෂා සේනාධීර මාධ්‍ය වෙත සඳහන් කළේ.

“මගේ සේවාදායිකාවගේ ස්වාමිපුරුෂයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් මගේ සේවාදායිකාවට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලෙන්, අනවසරයෙන් තබාගෙන සාවද්‍ය පරිහණය කිරීම සම්බන්ධයෙන් තමයි අපි විසින් පැමිණිල්ල කරනු ලැබුවේ.

මේ වනවිටත් මගේ සේවාදායිකාව ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනුකරලා තියෙනවා හෝමාගම දිසා අධිකරණයේ. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් බොහෝ හඬක් නගන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද සමවිත්තිකාරිය විදියට නම්කරමින්. මේ අවස්ථාව වනවිට මේ ජීප් රථය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් තමන් සන්තකයේ තබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ගැන තමයි අද දවසේ පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ”

ප්‍රශ්නය – ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට ඔබලා චෝදනා කරලා තියෙන්නේ මේ වාහනය සම්බන්ධයෙන් නෙවෙයිද ?

“නැහැ. වාහනය සම්බන්ධයෙන් නෙවෙයි. වාහනය සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට චෝදනා නඟන්න තරම් තොරතුරු අපිට ලැබිලා නැහැ. නමුත් ඇය දික්කසාද නඩුවේ සමවිත්තිකාරියක් විදියට අපි නම්කරලා තියෙනවා.

මගේ සේවාදායිකාව දික්කසාද නඩුවක් ගොනු කරලා ඉන්න, එහි විත්තිකරු වශයෙන් ඉන්න තමන්ගෙ ස්වාමි පුරුෂයා විසින් තමන්ට අයිති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලෙන් රඳවාගෙන සාවද්‍ය පරිහණය කිරීම සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 23 වෙනිදා පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. ඉන් අනතුරුව 2025 මාර්තු 17 වනදා නැවත දෙවැනි වතාවටත් පැමිණිල්ලක් ගොනු කළා, මන්දයත් මේ මන්ත්‍රීවරයා විසින් තමන්ගෙ මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබෙන ඩිප්ලොමැටික් පාස්පෝට් එක සහ මගේ සේවාදායිකාව නීතීඥවරියක්, ඇගේ සේවාදායිකාවක් විසින් ඔහුට ලබාදෙන ලද අනුග්‍රාහක ලිපියක් පාවිච්චි කරමින් වීසා ලබාගෙන එක්සත් රාජධානියට විදේශගත වෙන්න සූදානමක් පවතින බව අපට දැනගන්නට ලැබුණා. ඒ මත අපි නැවතත් පැමිණිල්ලක් කරනවා මොකද මේ ජීප් රථය මේ වෙනකොට කොහෙද තියෙන්නෙ කියන්නවත් මගේ සේවාදායිකාව දන්නෙ නෑ, මෙය කවුරු විසින් පාවිච්චි කරනවාද අපි දන්නෙ නෑ, තුන්වෙනි පාර්ශ්වයකට යම් අවස්ථාවකදී ලබාදීලා තියෙන බවත් අපට දැනගන්නට ලැබුණා. යම් නීතිවිරෝධී කටයුත්තකට වුණත් මේ වාහනය පාවිච්චි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයා විදේශගත වීමට පෙර මේ ජීප් රථය ඇයගේ භාරයට ලබාගැනීමේ අවශ්‍යතාව මත තමයි නැවත පැමිණිලි කරන්නේ. ඒ දෙවැනි වතාවට කරන පැමිණිල්ලටවත් සාධාරණ විමර්ශනයක් කිරීමට පිළියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයා සමත් වෙන්නෙ නෑ. නැතිනම් හිතාමතාම ඔහු එය පැහැර හැර තිබෙනවා. ඒ අනුව අපි අද දිනයේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිතුමාට සෘජුව පැමිණිල්ලක් කළා”

ප්‍රශ්නය – මේක මේ මැතිවරණ සමයක කෙරෙන මඩ ගැසීමක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන් ?

“අපි සාධාරණ සමාජයක් තමයි මේ බල පෙරළියකින් බලාපොරොත්තු වුණේ. මේ රජය පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස. ඒ අනුව අපට පැහැදිලි නෑ පිළියන්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කාගේ බලපෑමක් මතද, එහෙම නැත්නම් කුමන අවශ්‍යතාවයක් මතද මේ ආකාරයට මේ පැමිණිල්ලට සාධාරණයක් කිරීම පැහැර හරින්නේ කියලා. ඒ වගේම මේ මන්ත්‍රීවරයා තමන්ගෙ මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබුණු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවභාවිතා කරමින්, ඒ වගේම මේ කාන්තාව ඔහුට දුන් අනුග්‍රාහකත්ව ලිපියේ සඳහන් වෙන්නේ සුසන්ත දොඩාවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇයගේ පෙම්වතා කියලා. ඒ අනුව මගේ සේවාදායිකාවත් සමග පවතින වලංගු විවාහය සම්බන්ධයෙන් කරුණු වසන් කරමින් තවත් විවාහක තැනැත්තියකගේ පෙම්වතා ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියට විදේශගත වෙන්න මේ තැනැත්තා වීසා ලබාගෙන තියෙනවා. ඒ වගේම අපට දැනගන්න තියෙන තොරතුරු මත මේ සති අන්තයේදී ඔහු විදෙස්ගත වෙනවා. එහෙම වුණොත් මේ ජීප් රථය මගේ සේවාදායිකාව භාරයට නැවත ගැනීමට ගැටලුවක් මතුවෙන නිසා තමයි අපි මේ පැමිණිල්ල කරන්නෙ. නැතිව අපට කිසිම කෙනෙකුට මඩ ගැසීමේ අවශ්‍යතාවයක් නෑ”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan