රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :
පෞද්ගලික බස් සංගම් විසින් රතු එළි නිකුත් කර ඇත.
ඒ අනුව ඔවුන් පවසා සිටින්නේ, අද (22) පස්වරු 5.00 වන විට නියමිත බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් නොකළහොත් පස්වරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.
තවද, ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිය ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබූ බවට ඔවුහු චෝදනා කරති.



