හරක් කටාගේ නීතීඥයාමයි පොලිස්පති පත්කිරීම ගැන උපදෙස් දෙන්න එන්නෙත් – චානක (VIDEO)

Date:

නව පොලිස්පතිවරයා පත්කළ යුතු ආකාරය ගැන ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වන හරක් කටා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතීඥවරයාම බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.

“පහුගිය කාලේ එක පැත්තකින් උණ්ඩියල් ඉස්සරහට යනවා, එක පැත්තකින් කුඩු ව්‍යාපාරයට උණ්ඩියල් මුදල් ටික යනවා, අනිත් පැත්තෙන් අරගලයකට සහයෝගය ලබාදෙනවා. මොකක්ද මේකෙ සම්බන්ධය ? සම්බන්ධය තමයි ලංකාවට කුඩු ගේනවා නම් ඒවාටත් ගෙවන්න ඕනෙ ඩොලර්වලින්මයි. ඔය ගේන ගංජාවලට ගෙවන්නත් ඕනෙ ඩොලර්වලින්මයි. උණ්ඩියල් දියුණු වුණා, කුඩු වලට ඩොලර් ටික ගියා, අන්තිමට ලංකාවේ ලොකුම චෝදනා ලබපු කුඩුකාරයාට අරගලයට නායකත්වය දීපු කෙනා තමයි නීතියෙන් පෙනී සිටියේ. අද එතුමන්ලා තමයි ඇවිත් කියන්නේ පොලිස්පති පත්කරන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ලංකාවට කුඩු දෙන නායකයා වෙනුවෙන් උසාවියට යනවා, අනිත් පැත්තෙන් ඇවිල්ලා කියනවා පොලිස්පති පත්කරන්න කියලා. දැන් අපට තියෙන ප්‍රශ්නෙ තමයි හරක් කටාට ඕනෙ විදියටද ලංකාවේ පොලිස්පති පත්වෙන්නෙ කියන එක. නැත්නම් ඔහුගේ පණිවිඩයද මේ නීතීඥවරු හරහා එළියට එන්නෙ කියන එක. ඒක හින්දා අපට පේනවා මේ අරගලය කුමන්ත්‍රණයක්, මේක ඇතුළෙ තිබුණෙ ලංකාවේ ඩොලර් ටික කුඩුවලට උණ්ඩියල් හරහා පිටරට යන එක තමයි මේක හරහා සිදුවුණේ. තවදුරටත් කුඩුකාරයින්ට ඕනෙ විදියට පොලිස්පති පත්කරන නායකයො මේ රටේ නෑ කියලා අපි පැහැදිලිව කියන්න කැමතියි”

රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...