සියත මාධ්‍ය ජාලයට හා මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ට එරෙහි දණ්ඩනය වළක්වමු

Date:

සියත මාධ්‍ය ජාලය විසින් විකාශය කරනු ලබන ‘ටෙලිවැකිය’ කාලීන ජනප්‍රිය වැඩසටහන හා එහි සම්පාදක ලාල් හේමන්ත මාවලගේ ප්‍රවීන මාධ්‍යවෙදියා දණ්ඩණයට ලක්කිරීමේ ක්‍රියාවලියක් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී ව්‍යවස්ථාදායකය විසින් සැළසුම් කිරීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකී

කාලීන දේශපාලන ප්‍රකාශයන් පිළිබඳව විමංශනාත්මක විවරණයක් සිදුකරනු ලබන සියත කතුවැකිය වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් කාලීන රෑපවාහාණී වැඩසටහනක් ලෙස ප්‍රකටය. අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට හුදෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවට මුවාවී මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට එරෙහි දණ්ඩනය ක්‍රියාත්මක කරන තවත් උත්සාහයක් ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාව සැළකිය හැක.

ලාල් හේමන්ත මාවලගේ කෘතහස්ත මාධ්‍යවේදියා 2008 වසරේ දෙසැම්බර් 28 ශ්‍රී ලංකා රෑපවාහිණී සංස්ථාවට කඩාවැදුනු එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වාගේ බිහිසුනු ප්‍රහාරයකට ලක්ව අමාරුවෙන් ජීවිතය බේරාගත් මාධ්‍යවේදියෙකි. අදටත් ඔහුට එල්ල කළ ප්‍රහාරයට විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීම තවමත් රජයන් අපොහොසත්ව සිටී.

මාධ්‍යවේදීන්ගේ වාර්තාකරනයන් වාරණය කරමින් මාධ්‍ය මර්ධනය කරන්නට පෙර අප රටේ ඝාතනය කළ, අතරුදහන් කළ, පහරකෑමට ලක්වූ සහ විනාශ කළ මාධ්‍ය ආයනයන්ට යුක්තිය ඉටුකිරීම ඔබ රජය විසින් සම්පූර්ණ කළයුතු වගකීමක් බව අප සම්මේලනය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිහිපත්කර සිටී.

භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම බව ව්‍යස්ථාදායකය වෙත අවධාරණය කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පාර්ලිමේන්තුවේ ක්‍රියාව සමාජ, ආර්ථික, දේශපාලන නිදහස වෙනුවෙන් හසුරුවන මාධ්‍ය මෙහෙවරයන්ට සිදු කෙරෙන බලවත් අගතියක් බව සටහන් කිරීම වටී.

මෙවැනි අර්ථ ශුන්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී ”මහජන සේවා ජනමාධ්‍ය” සම්ප්‍රධායක ලක්ෂණයන් පිළඹිබු කෙරෙන ‘සියත කතුවැකිය’ට එරෙහිව සැළසුම් කරණ දණ්ඩනය ඉවත්කර ගන්නා ලෙස රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානය වූ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය :ෂත්‍න්‍* සමග එකතුවෙමින් එහි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සාමාජික සංවිධානයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙයට විශ්වාසී,

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...