හිටපු ජනපති මෛත්‍රීව අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක් !

Date:

පාස්කු ප්‍රහාරය සැබැවින්ම එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව අත් අඩංගුවට ගෙන විමර්ශනය කළ යුතු බවයි පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ.

“මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ” යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...

කැලිෆෝනියාවටම තරුවක් වූ Diane Ladd අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තෙවතාවක් ඇකඩමි සම්මාන...

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...