*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

මගේ ජීවිතෙන් වැඩිම කාලයක් සේවය කළේ රාජපක්ෂලාට. ඒත් කවුරුත් කෝල් එකක්වත් දුන්නෑ – PB

2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම ජනාධිපති ලේකම් තනතුර සඳහා පත්කර ගත්තේ පී.බී. ජයසුන්දර මහතාව ය.

කලක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණු ඒ මහතා ඒ වනවිටත් රටේ ආන්දෝලනාත්මක චරිතයකි.

කෙසේවෙතත් වසර දෙකක් ගතවන විට නොයෙකුත් ගැටලුකාරී තත්වයන් ඇති කරගත් පී.බී. ජයසුන්දර මහතා අවසානයෙහි සිය තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පසුගිය ජනවාරි මාසයේදී විශ්‍රාම ගත්තේ ය.

එතෙක් නිරන්තරයෙන් මාධ්‍යවල පුවත් මවන්නෙකු වූ පී.බී. ජයසුන්දර මහතා එයින් පසු කාටත් අමතකව ගිය සැටියකි.

මේ අතර ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් ටික කලකට පසු රජයේ ඉහළම නිලධාරියෙකු ඒ මහතාව හමුවී තිබිණු අතර එහිදී ඒ මහතා අපූරු කතාවක් ද කියා ඇති බව වාර්තා විය.

“මගේ අවුරුදු 40ක සේවා කාලයෙන් මං වැඩිම කාලයක් සේවය කළේ රාජපක්ෂවරුන් වෙනුවෙන්. ඒත් මං පැන්ශන් ගියාට පස්සේ ඒ එක්කෙනෙක්වත් මට කෝල් එකක්වත් දීලා ස්තූති කළේ නෑ. එක්කෙනෙක්වත් කතා කළේ නෑ” යනුවෙනුයි ඒ මහතා එම නිලධාරියා හමුවේ කළකිරීමෙන් ප්‍රකාශ කර ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan