රට ගොඩගන්න ආගමික සිද්ධස්ථානවල ධනය මහා භාණ්ඩාගාරයට දෙන්න – ඕමල්පේ හිමි

Date:

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන සතු ධනය මහා භාණ්ඩාගරයට භාරදිය යුතු බවට රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් යෝජනා කරයි.

“2007 අවුරුද්දෙ තායිලන්තයේ රජය මේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නාට පස්සෙ භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්වෙලා තම විහාරස්ථාන සතුව පැවතුණු ධනය රජයට භාරදුන්නා. ඒ ඒ ආයතන සතුව තිබුණු රත්තරන් රාජ්‍ය භාණ්ඩාගාරයට භාරදුන්නා. මේ ආදර්ශය අපට මේ වෙලාවේ ගැනීම සුදුසුයි කියන බව අපට යෝජනා කරන්න සිද්ධවෙලා තියෙනවා. බෞද්ධ අබෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා, විශාල වශයෙන් ධන සම්පත් තියෙන. ඒ ධන සම්භාරයන් තියෙන ආගමික ස්ථානවලින් රාජ්‍ය භාණ්ඩාගරයට යම් පරිත්‍යාගයක් පිරිනැමුණොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් ප්‍රමාණයක පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා, රත්‍රන් වැනි සම්පත් මහාභාණ්ඩාරයේ තැන්පත් කිරීම මගින්”

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන එකට එක්විය යුතු බවයි එහිමි අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...