මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙවෙයි. අවුරුදු පහක් යනකොට සෙල්ලම් දාන ඔක්කොගේම සෙල්ලම් ඉවරයි – ඇමති ටී. බී.

Date:

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සංස්කෘතිය ඉදිරි වසර පහ තුළ සම්පූර්ණයෙන්ම නවත්වන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ බලය ගත්තේ නැවත අත්පත් කරලා දෙන්න නෙවෙයි. අපේ රටේ ම්ලේච්ඡ සංස්කෘතියක් නිර්මාණය වෙමින් යනවා පාතාල ලෝකය කියලා. රටේ අපරාධ නවත්වනවා, රටේ කුඩු සෙල්ලම නවත්වනවා. දවස පතා මිනීමරණ අපරාධ සංස්කෘතිය නවත්වනවා. අපි බලමු අවුරුදු පහක් යනකොට සෙල්ලම් දාන ඔක්කොගෙම සෙල්ලම් කොහොමද නවත්වන්නෙ කියලා. පොලිස්පති අපරාධකාරයෙක්, ඒ පොලිස්පති අල්ලගත්තෙ නෑ කියලා මෙතන අපට බනිනවා. දවස් 20න් බාරවුණු එක ලොකු දෙයක්. මිනිහා පොලිස්පති, මිනිහා දන්නවානෙ හැංගෙන්න. එයා හැංගුණාම අල්ලන්න අමාරුයි තමා ඉතින්”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 22) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...