අනේ දෙයියනේ මුංගෙ කටවල්වලට හෙණම ගහපන් – පියුමි පිටරට සිට ජාතිය අමතයි. චෝදනාවලට හොඳටම පිළිතුරු දෙයි !

Date:

පිටකොටුවෙන් මිලදී ගත් රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ඇසුරුම් කර අධික මිල ගණන්වලට විකුණා ඇතැයි තමන්ට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පවසයි.

මේ වනවිට විදෙස්ගතව සිටින ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වාහනයක් විකුණා ඇතැයි කියමින් තමන්ට එල්ල කෙරෙන චෝදනාවට ද ඇය එහිදී පිළිතුරු ලබාදී ඇත.

“මම දැක්කා මේ ටිකේම සෝෂල් මීඩියාවල යනවා විවිධ තැන්වලින් ක්‍රීම් ඕඩර් කරගෙන, කොටුවෙ ක්‍රීම් අරවා මේවා කියලා. ඇත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නෙ කොටුවෙ ක්‍රීම්ස් මගේ කිසිම ප්‍රඩක්ට් එකක නැහැ. මොකද ඔයාලා හොඳටම දන්නවා, මගේ මේ ප්‍රොඩක්ට්ස් මගෙ අම්මාත් පාවිච්චි කරනවා. එතකොට මේ සමට හරි නැති දේවල් මම මගේ අම්මාට කිසිසේත්ම දෙන්නෙ නෑ සහ මම මගේ සමට මාර ගොඩක් ආදරෙයි, ඉතින් මම මගේ සමට හොඳම දේ තමයි පාවිච්චි කරන්නෙ. ඒ හොඳම දේ තමයි මගේ ෆෑන්ස්ලාටත් මම දෙන්නෙ. ඉතින් මාව විශ්වාස කරලා මගේ ප්‍රඩක්ට්ස් ලබාගන්න ඔයාලාට ස්තූතියි. තව මම දැක්කා මේ ෆේස්බුක් පේජ්වල දාගෙන මට ගහනවා මම මේ කොටුවෙන් ක්‍රීම් 2,000 ට ගෙනල්ලා 35,000 ට දුන්නා ලු. මේ කියන උන්ගේ කටවල්වලටත් මම නම් කියන්නෙ අනේ දෙයියනේ හෙණම ගහපන්. හෙණ ගහනවා මේ කියන කටවල්වලට. මම කවදාවත් මාව විශ්වාස කරලා ක්‍රීම් ගන්න අයට කොටුවෙන් ක්‍රීම් ගෙනල්ලා දීලාත් නෑ, දෙන්නෙත් නෑ. මම ඕපන් චැලේන්ජ් එකක් කරනවා මම කොටුවෙ ක්‍රීම් අරගෙන තියෙනවා නම් – මම කාටවත් කොටුවෙ ක්‍රීම් දීලා නෑ”

“පහුගිය ටිකේ කළු සල්ලි කිව්වා, කුඩු සල්ලි කිව්වා, එක එක සල්ලි කිව්වා. දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මගේ බිස්නස් එකෙන් හම්බ කරලා තියෙන්නෙ කියලා. ඉතින් එහෙම ඔප්පු කරලා තියෙනකොට දැන් ආයෙ කියනවා 2,000 ට අරන් 35,000 ට දුන්නා ලු. මට තේරෙන්නෙ නෑ මේ ලංකාවෙ මිනිස්සු ඇත්තටම මාර කුහකයි. මගේ ප්‍රඩක්ට්ස්වලට එහෙම කොටුවෙ ක්‍රීම් හෝ බාල දේවල් දාලා නෑ. එහෙම දාලා තියෙනවා නම් මට අවුරුදු 4ක් තිස්සේ මේ බිස්නස් එක කරගෙන යන්න බෑ. දැන් මේ වෙනකොට 35,000 කට වැඩිය ප්‍රමාණයක් ලංකාවේ පාරිභෝගිකයින් මගේ ප්‍රඩක්ට් එක අරගෙන තියෙනවා. තව රටවල්වල ඉන්න අයත් ගොඩාක් අය මේක පාවිච්චි කරලා තියෙනවා. මං හිතන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒක ඔප්පු වෙලා තියෙනවා මෙච්චර පාරිභෝගිකයින් සංඛ්‍යාවක් මගේ ප්‍රඩක්ට් එක අරගෙන තියෙනවා, ඒකෙන් තමයි මට සල්ලි ලැබෙන්නෙ කියලා. ඉතින් මට තේරෙන්නෙ නෑ ඇයි මේ තනි ගැහැණියකට මෙච්චර බොරු දේවල් කිය කියා මඩ ගහන්නෙ කියලා. ඉතින් මට කියන්න තියෙන්නෙ මම සැලෙන්නෙ නෑ”

“ඒ වගේම මම අර වාහනය විකුණපු එක ගැන දානවා. ඉතින් මම මගේ වාහනය විකුණලා ඉවරයි. ඒ වාහනයට එයාලා මට ලක්ෂ 50, 50 දෙපාරකට දීලා තියෙනවා. මේක දැන් කියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි, නමුත් මේක ඇදිලා යන හින්දා මම මේ කියන්නෙ. දැන් මේ වෙනකොට ඔහු, ඒ කියන්නෙ මගේ යාළුවාගෙ සැමියා සිරගත වෙලා තමයි ඉන්නෙ. ඒ සල්ලි තමයි මේගොල්ලො මේ කියන්නෙ. වාහනේට මට දුන්නු සල්ලි ගැන තමයි මේ කියන්නෙ. ඉතින් වාහනේ දුන්නෙ නිකම් නෙවෙයිනෙ, වාහනේ දුන්නු හින්දා ඒගොල්ලො මට සල්ලි දුන්නා. ඒ ගනුදෙනුව ගැන තමයි දැන් මේ ඉතාම ලොකුවට කියන්නෙ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...