*
Monday, March 24, 2025
spot_img

Latest Posts

කාලිංග සහයට එයි ද?

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 23, (LNW)කොළඹ

කාලයක සිට එන ගැටළුව වන මලල ක්‍රීඩා කණ්ඩායම් තරග සංචාරයකට යද්දී සිඳුවන ප්‍රමාදයේ බලපෑම මෙවර ලෝක කුසලාන ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමටත් පැමිණියේය.එවැනි හේතුවක් නිසා විවේකය මද වීම නිසා කාලිංග කුමාරගේ මීටර් 400 තරගයට ඉදිරිපත් නොවුණේ ද යන්න සැක සහිතය.මන්ද තරග ආරම්භක මොහොතේ ආරම්භක ලේඛණයට ඔහුගේ නම ඇතුළත් වන්නේ ඔහු තරග ආරම්භය සඳහා ඇමතුම් කාර්යාලයට ගිය නිසාය.


එහෙත් තරග ආරම්භයට ඔහු නොපැමිණියේය.මේ සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා වන කාලිංග,කුමන හෝ සූදානමක් නැතුව ආරම්භක ඇමතුමට ශරීරය උණුසුම් කරන ස්ථානයට පැමිණියේනම්,ඔහුට පැවරී ඇති වගකීමට අනුව තරගයට සහභාගි වීමට යම් කිසි හෙයකින් සූදානම් වීමට කාලය මදකමක් වැනි ගැටළුවක් පැමිණියේනම් අනිවාර්යෙන් එහි සිටින වෛද්‍යවරයාට දන්වා කුමන හෝ සෞඛ්‍ය හේතුවක් රට වෙනුවෙන් නිර්මාණ කර ගන්නට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.


මන්ද එසේ නොවුණේනම් ඔහුට පැවරී ඇති අනෙක් කාර්යය වන සහය දිවීමේ තරගයට සහභාගිවීමට ඉඩ නොලැබෙන බැවිනි.සිය පෞද්ගලික තරගය පමණක්ම නොවන රටේ පොදු කණ්ඩායමක් නියෝජනය කිරීමට ඇති වගකීම ද,කාලිංගගේ අවධානයට ලක් විය යුතුය.කාල වේලාව ප්‍රමාණවත්ව නොතිබුණත් ඔලිමිපික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සහය දිවීමේ කණ්ඩායම බහමාස් නොගියේ ද කාලිංග ට උණක් වැළදුණ බැවින්ය.ඔහු එම සය=හය දිවීම මඟ හැරුණ ද පැරිස් ඔලිම්පික් උළෙලට තනිව සහභාගි විය හැකි බවට විශ්වාස කළත් එය වැළකුණු අතර මෙවරත් ඔහු තමන්ට පැවරී ඇති වගකීම් දෙකම ගැන සිතා නොහැසිරී ඇත්නම් සහය දිවීමේ තරගයට එක්වීමට ද කාලිංගට අවස්ථාව ලැබෙන්නේ නැත.


හෙට තරගාවලියේ අවසාන භාගයේ පැවත්වෙන මීටර් 400 කාන්තා සහ පිරිමි මීටර් 400 සහය දිවීම් තරග දෙකටම ශ්‍රී ලංකාව සහභාගි වනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan