ජනාධිපති ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය සිමා කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීම සිමා කිරීමට නව ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තොරතුරු වෙත ප්‍රවේශය රාජ්‍ය සේවයෙන් ඉවත් වූ පසු හිටපු ජනාධිපතිවරුන්ට සහ සමහර නිලධාරීන්ට සාමාන්‍යයෙන් ලැබෙන වරප්‍රසාධයක් වන අතර රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය සීමාකළ අය අතර හිටපු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, හිටපු වයෝමිං නියෝජිත ලිස් චෙනී, හිටපු ඉලිනොයිස් නියෝජිත ඇඩම් කිංසින්ගර් සහ ට්‍රම්ප්ට වංචා සම්බන්ධයෙන් නඩු පැවරූ නිව්යෝර්ක් නීතිපති ලෙටිටියා ජේම්ස් මෙන්ම බයිඩන්ගේ මුළු පවුලම ආවරණය කරයි.

2021 වසරේද හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවිදිමත් හැසිරීම හේතුවෙන් රහසිගත ලේඛන වෙත ප්‍රවේශ වීම තහනම් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...