IMF කරන්නේ රට විකුණන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. රටේ ජනතාව මේකට විරුද්ධයි – වසන්ත (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරමින් සිටින්නේ අධිරාජ්‍යවාදීන්ගේ සහ බහුජාතික සමාගම්වල වුවමනාවන් ඉටුකිරීමක් බවත් මේ රටේ ජනතාව ඉදිරියේදී මීට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති අංශයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරන්නේ.

“මැතිවරණ කොමිසම නීතිය ක්‍රියාත්මක කරලා වහාම ඡන්දය තිබ්බා නම් රනිල්ලා රාජපක්ෂලා මේ රට විකුණන එක නවත්වන්න මේ රටේ මිනිස්සු ජනවරම දෙනවා. එනිසා ඒ ජනවරම හරහා මේ රනිල්ලා රාජපක්ෂලා විකුණන්න හදන රට – ලෝකයේ ආර්ථිකයන් නිදහස් කරගැනීම වෙනුවෙන්, වෙළඳපොලවල් නිදහස් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල්වලට එහෙම නැත්නම් ඒ සංවිධානවලට වෙළඳ සමාගම්වලට අවශ්‍ය කරන ආර්ථික නිදහස හදලා දෙන වැඩපිළිවෙල කරන්නේ. එනිසා මොකක්ද මේ ගිවිසුමේ කියන්නේ ? අපි මෙතෙක් කල් ආරක්ෂා කරගෙන හිටපු අපේ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට පනවලා තිබුණු සියලු බදු නිදහස් කරන්න ඕනෙ. ඕනෙ දෙයක් ගේන්න පුළුවන්, ඕනෙ දෙයක් විකුණන්න පුළුවන් කියලා කියනවා. හැබැයි විකුණන්න හදන දෙයක් අපට නැතිවෙලා පිටින් ගේන්න විතරක් අපි ඉඩ හදාගන්නවා. එතකොට IMF එක කියනවා ගේන ඒවා නවත්වන්න බෑ ඕගොල්ලොන්ට මීට පස්සෙ කියලා. එනිසා දැන් IMF එක රනිල්ලා රාජපක්ෂලා වට්ටපු රට ගොඩගන්නවා කියලා අපි ඉස්සරහට ඇවිල්ලා දාලා තියෙන පැකේජ් එක මොකක්ද ? මේ රටේ සියලු බාධා ඉවත් කරගෙන තමන්ට රිසි ලෙස මේ රටවල් කොල්ලකන්න පුළුවන් වෙන විදියට ලෝකයේ බහුජාතික සමාගම්වලට, අධිරාජ්‍යවාදී සංවිධානවලට, රාජ්යයන්වලට අපේ රටේ වෙළඳ සම්බාධක ටිකත් අයින් කරලා දෙන්න හදන වැඩක්. මේ රටේ ජනතාව මේ පීඩනය එරෙහිව, මේ රට විකිණීමට එරෙහිව හෙට දවසේ ගන්නා ක්‍රියාමාර්ග නවත්වන්න බෑ”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...

Tasty Tuesdays: ඉන්දියාවේ රස රහසක තවත් වට්ටෝරුවක්! Masala Dosa: India’s Golden Crunch That Won the World

සටහන – පුලී ජනවාරි 06, කොළඹ (LNW): ඉන්දියාවට ආවේණික රස...