අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට දීමනාවක් ලබාදීමට තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මෙවර යල කන්නයේ දී , අමෙරිකානු ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට එක් ගොවි පවුළකට රුපියල් 30,000 බැගින් දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර දිවයිනේ අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට නියමිතයි.

මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම මෙහි අරමුණ වන අතර , මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවි පවුලකට රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී ඇති බවයි.

එනම් , යුරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, යුරියා පොහොර නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදල් ලබා දීමද අයත් වන බව කිව යුතුය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...