*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා ඇමතිතුමා පාත්තරෙත් නැති කර ගනියිද?

ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව පසුගිය කාලයේ රටේ වෙනත් ක්‍රිඩාවන්ට මෙන්ම සෞඛය කේෂ්ත්‍රය වැනි අත්‍යවශ්‍යය සේවාවන්වලට ද බලපෑ ගැටළු අවම කර ගන්නට විශාල මුදලක් රජයත් ක්‍රිඩා අමාත්‍යංශයත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ලබා ගත් බව රටට රහසක් නොවේ.අයිඑම්ඒ‌ේ ආධාර දක්වා යම් යම් ගැටළු විසදීමට මැදිහත් වුව ද,ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම ඒහි පරිපාලනය සමඟ ගැටළුකාරී ආකාරයට හැසිරෙන සහ ප්‍රකාශ නිකුත් කරන බව ද අපි දුටිමු.එසේම නව ක්‍රීඩා පණත සංශෝධනය හරහා ද ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට ජාත්‍යන්තර ක්‍රිකට් කොමිටියේ නීතිමය සහ රීතිමය ස්වභාවයන් සමඟ වැඩ කිරීමේ දුෂ්කරතාවයක් ඇති නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා සංගම් සම්මේලන මැදිහත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු,අධිකරණය විසින් පිළිගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා විභාගයට ගැනීමට ඉදිරිපත් ව ඇත.

දිගින් දිගටම මේ රටට බලපාන විදිහට තමන්ගේ අභිමතය පරිදි ක්‍රීඩාව තිබිය යුතු බව විශ්වාස කරමින්,අධිකරණය ද හෑල්ලුවට ලක්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ලවන දේශපාලන බලපෑම් සළකා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇත.එයට ඉන්දියානු ක්‍රිකට් පාළක මණ්ඩලයේ ලේකම් ජෙය ෂා,ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉම්රාන් කවාජා සහ බංගලාදේශ ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති නෂ්මුල් හසන් ඇතුළත් වි ඇත.

ශ්‍රී ලංකාවට ආධාර ලැබෙන රටවල්වල බොහෝ දේශපාලන ප්‍රධානීන් එම රටවල ක්‍රීඩාවන් හා සම්බන්ධව කටයුතු කරන තමන්ගේ මැදිහත්වීමකින් තොරව ක්‍රිඩාවට ස්වාධීනව ගමන් කිරීමට අවශ්‍යය මාර්ග පහසුකම් සපයන්නෝය.ඒ අනුව මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවේ ස්වාධිනත්වය දේශපාලන හේතු මතින් අහුරන බව දැන ගැනීම ඒ රටවල් ශ්‍රි ලංකාවට රජයක් හැටියට දක්වන ගෞරවයට ද හොඳ නැත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගෙන් වැඩියෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිලාබ ලැබෙන ක්‍රිකට්,පාපන්දු සහ රගර් යන ක්‍රිඩා තුන සමගම ක්‍රිඩා අමාත්‍ය ගැටළු ඇති කරගෙන ඇත.පාපන්දු ක්‍රීඩාවේදී ජාත්‍යන්තර සම්මේලනයම ශ්‍රී ලංකාවේ පාපන්දුව තහනම් කර ඇති අතර එයට රටවල් 197 ක කැමැත්ත ද හිමි වී ඇත.අද ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද මාධය නිවේදනය මෙහි පහත අමුණන අතර ඒහි කිසිඳු තැනෙක ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලධාරීන් සහ අමාත්‍යවරයාත්,අමාත්‍යංශ සහ සංවර්ධන දේපාර්තමේන්තු නිලාධාරිනුත්,ජාතික ක්‍රීඩා සභාවත් සමඟ කරන ලද සාකච්ඡාවලදී ගත් තීරණ සම්බන්ධයෙන් සඳහනක් කර නැත.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඒම තහනමේදි දක්වා ඇති මැත්වරණ සිතියමට අනුව වැඩ නොකිරීමේ චෝදනාව කරන්නේ අමාත්‍යංශයට ය.අඩුම තරමේ තමන් ඊට සම්බන්ධ නැති බව පැවසෙන් සහ නිර්දෝෂීභාවය සඳහන් වචනයක් හෝ ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය පණිවිඩයේ නැති අතර එයින් හැඟෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ෆිෆා නිලධාරීන් හමු වී නැති බවය.

තහනම් වූ ක්‍රීඩාවන් දෙකකම ක්‍රිඩා පරිපාලනයට සම්බන්ධව සිටි දෙදෙනෙක් අමාත්‍යවරයාට උපදෙස් සිටින අතර ඔවුන් දෙදෙනාම තමන්ට ඒම ක්‍රිඩාව පරිපාලනය කිරීමට හැකි බව විශ්වාස කරන සහ ප්‍රකාශ කරන අතර නමුත් ඒම ක්‍රිඩාවන්ගේ ක්‍රීඩා සමාජ සංයුතිය එයට කැමති නැත.නිලවරණවලින් පරාජය වන විට අර්ජුන රණතුංග වරක් අතුරු කමිටු සභාපතිවරයා ලෙස පත් වුව ද,ඔහු යම් යම් අවස්ථාවල ක්‍රිඩකයින් සමඟ ගැටළු පවා ඇති කර ගත්තා විනා ක්‍රිඩාව සාර්ථකත්වයට ළඟා කිරීමට අපොහොසත් විය.

අනෙක් ක්‍රිඩාවට සම්බන්ධ පුද්ගලයා ලසිත ගුණරත්න ය.ඔහු වත්මන් පරිපාලනය පැමිණීමට පෙර සිටිය සභාපතිවරයා ය.ඔහු ඉවත්ව යද්දි රගර් පරිපාලනය මිලියන 55 ක් ණය තිබුණ අතර වර්තමානයේ එම ණය ප්‍රමාණය මිලියන 27 දක්වා අඩු කිරීමට අමතරව අලුත් අනුග්‍රාහකයන්ද සොයා ගෙන තරග පැවත්වීම ද වැඩි කර ගෙන ඇත.ඔහු ද අතුරු කමිටුවලට ද සම්බන්ධව ඇති අතර තවත් සාමාජිකයෙක් වන වෛද්‍ය මයියා ගුණසේකර සමඟ ද එකට අතුරු කමිටු සාමාජිකත්වයේ ඉද ඇති අතර ඒම අවස්ථාවේදී ද රගර් ගිණුමේ තිබූ මුදල් අවසාන විමට සාපේක්ෂව වැඩක් සිඳු නොවුණු බව රගර් කේෂ්ත්‍රයේ මතය වි ඇත.

ණය අඩු කිරීමට වඩා ණය බර වැඩි කිරීම ගැන සතුටු වෙන සහ රතිඤ්ඤා පත්තු කරන රටක ජනාධිපතිවරයා ණය බර අඩු කරන ක්‍රිඩා පාළකයන්ට අකමැති ද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා යම් යම් පුද්ගලයන්ගේ රූකඩයක් වි ඇති බව පවසන පිරිසගේ හාස්‍යජනක අදහසය.ඒ නිසා ණය අඩු කිරීම කළ රගර් සහ ඉතිහාසයේ වැඩිම ලාභය පෙන් වූ ක්‍රිකට් සමඟ උරණවීම සාමාන්‍ය ලක්ෂණයක් විය හැකි බව ද ඒම පිරිසගේ අදහසය.
කෙසේ හෝ අයිසිසීය ශ්‍රී ලංකාවට එරෙහිව යම් තීරණයක් ගතහොත් පසුගිය කාලයේ ක්‍රිඩා අමාත්‍යංශයේ පාත්තරයට වැටුණු දෙයින් හුස්ම ගත් ශ්‍රී ලංකාවේ නැවත නැගිටීමට එය විශාල පාඩුවක් වනු ඇත.



නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan